ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය හෙට...

Report

හෙට(31) දිනයේ දී මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් අතරින් තම පක්ෂය සහාය පළ කරන අපේක්ෂකයා කවුරුන්දැයි දා ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.

ගල් අඟුරු පාලමක් කඩා වැටී පස් දෙනෙක් ජිවිතක්ෂයට...

ගල් අඟුරු පාලමක් කඩා වැටී පස් දෙනෙක් ජිවිතක්ෂයට...

ඒ අද (30) කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ, පක්ෂයේ දේශපාලන මණ්ඩලය, මධ්‍යම කාරක සභාව, විධායක සභාව, හෙට(31)දා පස්වරුවේ රැස්වී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ මත අදහස් සාකච්ඡාවට බඳුන් කරන බවය.

එහිදී බහුතර පිරිසකගේ එකඟතාවය මත අවසන් තීරණයකට එළඹෙන බවත් එතුමා පැවසී ය.