අවසන් පූර්ව තරගයෙන් ශ්‍රී ලංකාවට තියුණු පරාජයක්

Report

2025 ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ කුසලාන අවසන් පූර්ව තරගයෙන් ජපානය හමුවේ ලකුණු 12 - 15ක් වශයෙන් ශ්‍රී ලංකාවට තියුණු පරාජයක් ලැබීමට සිදු වුණා.

ඒ අනුව ආරම්භයේ සිට ජපානයට ප්‍රබල සටනක් දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමු අර්ධය අවසන් වනවිට ලකුණු 5-5ක් වශයෙන් සම තත්ත්වයේ සිටියා.

එහි අනෙක් අවසන් පූර්ව තරගයෙන් චීනයට විරුද්ධව ලකුණු 29 -12ක් වශයෙන් ජයගැනීමට හොංකොං කණ්ඩායම සමත් ව තිබුණා.

ශ්‍රී ලංකාවට පහසු ජයක්

ශ්‍රී ලංකාවට පහසු ජයක්

එබැවින් ජපානය හා හොංකොං අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් වුණා.

කෙසේ වුවත් ශ්‍රී ලංකාව හා චීනය අද පස්වරුවේ තෙවන ස්ථානය වෙනුවෙන් තරගවැඳීමට නියමිතව ඇත.

අද 2025 ආසියානු රග්බි සත්සාමාජික තරගාවලියේ අවසන් අදියර කොළඹදී

අද 2025 ආසියානු රග්බි සත්සාමාජික තරගාවලියේ අවසන් අදියර කොළඹදී

අද ඉඳන් මේ ගුවන්තොටුපළේ ලොකු වෙනසක්

අද ඉඳන් මේ ගුවන්තොටුපළේ ලොකු වෙනසක්