අද 2025 ආසියානු රග්බි සත්සාමාජික තරගාවලියේ අවසන් අදියර කොළඹදී
ආසියානු රග්බි සත්සාමාජික (Sevens) තරගාවලියේ 2025 අවසන් අදියර අද (18) කොළඹ තුරග තරග පිටියේදී (Racecourse International Stadium) ආරම්භ වේ.
දෙදිනක් පුරා (ඔක්තෝබර් 18-19) පැවැත්වෙන මෙම තරගාවලියේදී ජපානය, හොංකොං, චීනය සහ සත්කාරක ශ්‍රී ලංකාව ඇතුළු පිරිමි සහ කාන්තා කණ්ඩායම් 24ක් සහභාගි වනු ඇත.
මෙය Asia Rugby Emirates Sevens Series 2025 තරගාවලියේ දෙවන සහ අවසන් අදියර වන අතර, පළමු අදියර ඉකුත් සැප්තැම්බර් 20-21 දිනවල චීනයේ හැංෂෝහිදී පැවැත්විණි. එහිදී හොංකොං පිරිමි කණ්ඩායම ජපානයේ 32-12කින් පරාජය කරමින් ශූරතාව දිනා ගත් අතර, කාන්තා ශූරතාව ජපානය චීනයේ 24-19කින් පරාජය කර ගෙන ලබා ගත්තේය. ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම එහිදී සිව්වන ස්ථානයට පත්වූ අතර, කාන්තා කණ්ඩායම 9වන ස්ථානය දිනා ගත්තාය.

ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 10 දෙනෙකු 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවට ගිහින් රට ඇවිත් නැහැ - අධිකරණයෙන් නියෝගයක්
පළමු අදියරේ ප්‍රතිඵල මත පිරිමි ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ හොංකොං පසුවෙයි. සෙසු ස්ථාවල පිළිවෙළින් ජපානය, චීනය, ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE), මැලේසියාව, කොරියාව, චීන තායිපේ (Chinese Taipei), උස්බෙකිස්තානය සහ සිංගප්පූරුව පළමු දසදෙනා අතර පසුවෙයි.
පිරිමි කණ්ඩායම -'C' කාණ්ඩයෙන් තරගවදින අතර, චීනය, උස්බෙකිස්තානය සහ සිංගප්පූරුව ඇතුළත්. මහනුවර ක්‍රීඩා සමාජයේ කවිඳු පෙරේරාගේ මෙහෙයවීම යටතේ ක්‍රීඩා කරයි.
- පළමු තරගය - උස්බෙකිස්තානයට එරෙහිව දහවල් 12:40ට.
- දෙවන තරගය - සිංගප්පූරුවට එරෙහිව ප.ව. 5:04ට.
- තෙවන තරගය - චීනයට එරෙහිව රාත්‍රී 9:50ට.
කාන්තා කණ්ඩායම - රන්දිකා කුමුදුමාලිගේ නායකත්වය යටතේ ක්‍රීඩා කරයි.
- පළමු තරගය: තායිලන්තයට එරෙහිව පෙ.ව. 10:28ට.
මෙම තරගාවලියේ සමස්ත ශූරයින්ට World Rugby HSBC SVNS Division 3 2026 සඳහා සුදුසුකම් ලැබෙන අතර, ශ්‍රී ලංකාවට ස්වදේශික වාසිය භාවිතා කරමින් හොඳින් ක්‍රීඩා කිරීමේ අපේක්ෂාවක් ඇත.
ශ්‍රී ලංකා රග්බි සංගමය විසින් මෙම තරගාවලියේ සියලු තරග ප්‍රේක්ෂකයින්ට නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දී ඇත. තුරග තරග පිටියේදී සිදුවන මෙම තරගාවලිය රග්බි රසිකයින් සඳහා අමතක නොවන අත්දැකීමක් වනු ඇත.