සුබ ප්‍රාර්ථනා මැද, සිංහයින් දිවයිනෙන් පිටත් වෙයි.
By krishani
අද (26) රාත්‍රි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක් දින ලෝක ශූරතා තරගාවලිය සදහා සහභාගී වීමට කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත.
ඒ අනුව නිලධාරීන් , පුහුණුකරුවන් , ක්‍රීඩකයින් ඇතුළු 35 දෙනෙකුගෙන් යුතු පිරිසක් මේ සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
මේ අතර, ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරුණේ, ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යන්නට පැය කිහිපයකට පෙර ය.
කෙසේ වෙතත්, වනිඳු හසරංගට ආබාධයක් හේතුවෙන් මෙවර ලෝක කුසලානය අහිමි වී තිබෙනවා.