ශ්‍රී ලංකා ආසියානු යොවුන් කුසලානයේ ජයග්‍රාහී ආරම්භය
ආසියානු යොවුන් කුසලානයට ශ්‍රී ලංකාවෙන් ජයග්‍රාහී ආරම්භයක් ආසියානු වයස 19න් පහළ ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව අද (13) ක්‍රීඩාකළ පළමු තරගයෙන් නේපාලයට එරෙහිව කඩුලු 8ක පහසු ජයක් ලැබීමට සමත් ව තිබේ.
ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් නේපාලය පන්දුවාර 28.5කදී ලකුණු 82කට සීමාකිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.
එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සෙත්මික සෙනෙවිරත්න ලකුණු 25කට කඩුලු 5ක් දවාගන්නා ලදි.
ඒ අනුව නේපාල පිතිකරණ ලැයිස්තුවේ වැඩිම ලකුණුලාභියා වූ Cibrin Shrestha ක්‍රීඩකයා ලකුණු 18ක් රැස්කළේය.
තවද පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකාව තරගයේ 15(14.5) වන පන්දුවාරයේ දී කඩුලු 2ක් දැවී තිබියදී ලකුණු 84ක් රැස්කර ජයග්‍රහණය වාර්තා කළේය.
එහිදී දිමන්ත මහවිතාන නොදැවී ලකුණු 39ක් රැස්කරන ලදි.
ඒ අනුව ඩුබායිහි පැවැත්වෙන මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව 'B' කාණ්ඩයෙන් ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.