හදිසියේ ගත් තීරණයක් නිසා යුධ හමුදා නිලධාරීන්ට සිදු වූ දේ..මෙහෙම වෙයි කියල කවදාවත් හිතන්නෙ නැතව ඇති.

Report

යුද හමුදාවේ හැත්තෑපස්වැනි සංවත්සරය වෙනුවෙන් මේජර් ජනරාල් හා බ්‍රිගේඩියර් නිලයට උසස්වීම් දීමට දූෂිත නිලධාරින් කීප දෙනකුගේ නම් ඇතුළත් කර ඇතැයි අනාවරණය වීමෙන් පසුව එම ලැයිස්තුවම හරවා යැවීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇතැයි වාර්තා වනවා.

මේජර් ජනරාල් ධුරයට උසස් කිරීමට, බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක තනතුර සඳහා පත්ව ගිය මොහොතේ බිරිඳ ලෙස හඟවා වෙනත් කතක් එහි රැගෙන ගිය චෝදනාව ලත් බ්‍රිගේඩියර්වරයකුද ඇතුළත් කර තිබී තිබේ.

මිථුන,තුලා,ධනු සහ මකර යන ලග්න හිමියන් අද දැඩි අවධානයෙන් ඉන්න..හේතුව මෙන්න.

මිථුන,තුලා,ධනු සහ මකර යන ලග්න හිමියන් අද දැඩි අවධානයෙන් ඉන්න..හේතුව මෙන්න.


තවද සේවා කාලය තුළ හමුදාවෙන් පලාගොස් නැවත සේවයට එක් වූ අයද එම ලැයිස්තුවට ඇතුළත් කර තිබී ඇති බවයි පැවසෙන්නේ.

යුද සමයේ උතුරේ සේවය කරද්දී එල්ටීටීඊයට ඩීසල් විකුණා හසු වූ නිලධාරියකුද, බ්‍රිගේඩියර් තනතුරට උසස් කිරීමට යෝජනා කර ඇත.

මීට අමතරව යුද ලේකම් හා සහකාර යුද ලේකම් විසින් උසස්වීම් ලැයිස්තු සැකසීමේදී කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ නිලධාරින්ට හා තම හිතවතුන්ට විශේෂ ප්‍රමුඛතාවක් දී ඇතැයිද හෙළි වී තිබෙන බව වාර්තා වනවා.

අලිමංකඩ සටන පැවතියදී කඳවුර අතහැර දින දහනවයක් සේවය හැරයෑමේ චෝදනාවට ලක් වූ නිලධාරියකු ද නම්කර යවා ඇති බවයි පැවසෙන්නේ.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ මහතා විසින් ආරක්ෂක අමාත්‍යාංශයට යැවූ උසස්වීම් ලැයිස්තුවට මේජර් ජනරාල් ධුරය සඳහා හත් දෙනෙකුත්, බ්‍රිගේඩියර් තනතුර සඳහා දොළොස් දෙනෙකුත් උසස් කිරීමට යෝජනා කර තිබුණා.

මෙම ලැයිස්තුවට දූෂිත චෝදනා එල්ල වූ නිලධාරින්ගේ නම් ඇතුළත් වීම නිසා මේජර් ජනරාල් ධුරයට උසස් කරන ලැයිස්තුව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා විසින් හරවා යවා ඇත.

අද සවස ප්‍රදේශ රැසකට වැස්ස වැඩිවෙයි..සුළගිනුත් පරිස්සම් වන්න..

අද සවස ප්‍රදේශ රැසකට වැස්ස වැඩිවෙයි..සුළගිනුත් පරිස්සම් වන්න..


බ්‍රිගේඩියර් ධුරයට උසස්කරන නිලධාරින්ගේ ලැයිස්තුව සමාලෝචනය කිරීම සඳහා අතිරේක ලේකම්වරුන් තිදෙනකු පත්කිරීමට ආරක්ෂක ලේකම්වරයා පියවර ගෙන ඇති බවයි පැවසෙන්නේ.