අමාත්‍ය විජිත හේරත් සහ මාලදිවයින් විදේශ අමාත්‍යවරිය අතර හමුවක්
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සමීප සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් දෙරටේ විදේශ අමාත්‍යවරුන් අතර හමුවක් පවත්වා තිබේ.
ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ඉන්දියානු සාගර කලාපීය සහයෝගීතා සංගමයේ 25 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීමට සමගාමීව මෙම හමුව පවත්වා ඇති අතර, එහිදී ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සහ මාලදිවයින් විදේශ අමාත්‍ය ඉරුතිෂාම් ආදම් මහත්මිය ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වූහ.
දෙරට අතර සබඳතා තවදුරටත් පුළුල් කිරීම සහ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව ඉදිරියට ගෙන යාම සඳහා දෙපාර්ශ්වයේම පවතින පොදු කැපවීම යළිත් තහවුරු කළ බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.
දෙරටටම වැදගත් වන ක්ෂේත්‍ර රැසක සබඳතා ඉදිරියේදී තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු වී ඇත.