ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන පිළිබඳව රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන් දැනුවත් කෙරේ

By Mithu Nov 27, 2026 10:50 AM GMT
Report

ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන පිළිබඳව කොළඹ පිහිටි රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල ප්‍රධානීන් සහ නියෝජිතයන් සමඟ විශේෂ සාකච්ඡාවක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාවට කොළඹ පිහිටි රටවල් 19ක තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම යුරෝපා සංගමය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක කාර්යාලය නියෝජනය කරමින් නියෝජිතයෝ එක් වූහ.

PIN සහ TIN අංක ලබා ගැනීම සම්බන්ධයෙන් රජයෙන් විශේෂ දැනුම්දීමක්

PIN සහ TIN අංක ලබා ගැනීම සම්බන්ධයෙන් රජයෙන් විශේෂ දැනුම්දීමක්

මීට අමතරව නවදිල්ලියේ සිට ශ්‍රී ලංකාවට අක්ත ගන්වා ඇති තවත් රටවල් හයක රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල නියෝජිතයෝ මාර්ගගත ක්‍රමය ඔස්සේ සාකච්ඡාවට සම්බන්ධ වූහ.

මෙහිදී වැඩසටහන යටතේ මේ දක්වා අත්කරගෙන ඇති ප්‍රගතිය, ඉදිරි සැලසුම් සහ මුහුණ දෙන අභියෝග සමාලෝචනය කෙරුණු අතර, 2027 වසර සඳහා රජයේ ජාතික අයවැයෙන් මේ වෙනුවෙන් රුපියල් මිලියන 950ක මුදලක් වෙන් කර ඇති බව ද අවධාරණය කෙරිණි. බිම්බෝම්බ ඉවත් කිරීමේ කාර්ය මණ්ඩලයෙන් ආසන්න වශයෙන් සියයට 40ක් කාන්තාවන් වීම සහ ඔවුන්ගේ දායකත්වය ද මෙහිදී විශේෂ ඇගයීමට ලක් විය.

මාළු ඇප් එකට වෙන්කරපු මිලියන 100න් කීයද වැඩ කරලා තියෙන්නේ? - 2018 සිට තිබූ ඇප් තිබුණ බව හෙක්ටර් අප්පුහාමි

මාළු ඇප් එකට වෙන්කරපු මිලියන 100න් කීයද වැඩ කරලා තියෙන්නේ? - 2018 සිට තිබූ ඇප් තිබුණ බව හෙක්ටර් අප්පුහාමි

මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ජාත්‍යන්තර හවුල්කාරිත්වයේ වැදගත්කම පෙන්වා දුන් අමාත්‍යවරයා, නව මූල්‍ය සම්පාදන ක්‍රමවේද පිළිබඳව සාකච්ඡා කරමින් බිම්බෝම්බවලින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහා එක්වන ලෙස නව හවුල්කරුවන්ගෙන් ද ඉල්ලා සිටියේය.

මෙම සාකච්ඡාවට නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම්වරයා, යුද හමුදාපතිවරයා, රාජ්‍ය නිලධාරීන් මෙන්ම බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරත වන MAG, The HALO Trust, SHARP සහ DASH යන සංවිධාන හතරේ නියෝජිතයෝ ද සහභාගී වූහ.