බිලියන 35න් වියදම් කරලා තියෙන්නේ බිලියනයයි - ආණ්ඩුවේ වියදම් ගැන නාමල් රාජපක්ෂගෙන් දැඩි ප්‍රහාරයක්

Report

ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් පසුගිය වසරේ රුපියල් බිලියන 35ක මුදලක් වෙන් කර තිබුණද, ඉන් රුපියල් බිලියනයක පමණ මුදලක් පමණක් වියදම් කර ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරයි.

අයවැයෙන් විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, එම මුදල් සැබෑ ලෙසම ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් ආයෝජනය විය යුතු බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

අද (27) පාර්ලිමේන්තුවේ පැවති අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ග්‍රාමීය ජනතාවගේ මාර්ග, බෝක්කු සහ පාලම් සංවර්ධනය කිරීම, ස්වයං රැකියා සහ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම මෙන්ම ධීවර කර්මාන්තය නඟාසිටුවීම සඳහා වෙන් කරන මුදල් ප්‍රායෝගිකව ජනතාව අතරට යන්නේද යන්න ප්‍රධාන වශයෙන් විමසා බැලිය යුතු බවද ඔහු පැවසීය.

නාමල් රාජපක්ෂගේ එයාර්බස් අල්ලස් නඩුවේ තීරණාත්මක හැරවුමක් - යුසර් කලීල් සාක්ෂි දීමට සූදානම්

නාමල් රාජපක්ෂගේ එයාර්බස් අල්ලස් නඩුවේ තීරණාත්මක හැරවුමක් - යුසර් කලීල් සාක්ෂි දීමට සූදානම්

ග්‍රාමීය සංවර්ධන මුදල් වියදම් නොකිරීම ගැන ප්‍රශ්නයක්

අයවැය මඟින් මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් විපක්ෂය විවේචනය නොකරන නමුත්, වෙන් කළ මුදල් නියමිත සංවර්ධන කටයුතු සඳහා භාවිත නොකිරීම ප්‍රශ්නයක් බව නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

විශේෂයෙන්ම මුදල් කාරක සභාවට ඉදිරිපත් වන වාර්තාවලට අනුව ඇතැම් අමාත්‍යාංශවල ප්‍රාග්ධන වියදම් ඉතා අඩු මට්ටමක පවතින බව පෙන්වා දුන් ඔහු, අයවැයෙන් මුදල් වෙන් කර තිබුණද ඒවා ජනතාවට ප්‍රතිලාභ ලැබෙන සංවර්ධන ව්‍යාපෘති බවට පත් නොවන්නේ නම් එය ගැටලුවක් බව කියා සිටියේය.

2020 සහ 2022 වසරවලදී අභියෝගාත්මක ආර්ථික හා දේශපාලන වාතාවරණයක් පැවතියද ප්‍රාග්ධන වියදම් ක්‍රියාත්මක කිරීමේ ඉහළ මට්ටමක් පවත්වාගෙන ගිය බව සඳහන් කළ මන්ත්‍රීවරයා, ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයද සිහිපත් කළේය.   

"පුළුවන් නම් Pay Slip දෙක ළං කරලා ෆොටෝ එකක් දාන්න" - නියෝජ්‍ය ඇමති රාජ්‍ය සේවකයින්ට අභියෝග කරයි

"පුළුවන් නම් Pay Slip දෙක ළං කරලා ෆොටෝ එකක් දාන්න" - නියෝජ්‍ය ඇමති රාජ්‍ය සේවකයින්ට අභියෝග කරයි

දිට්වා විපතෙන් පසුත් ජනතාව ගැටලු රැසක

දිට්වා ව්‍යසනයෙන් පසු විපතට පත් ජනතාවගේ නිවාස සහ යටිතල පහසුකම් යළි ගොඩනැඟීමේ කටයුතු ප්‍රමාද වී ඇති බවටද නාමල් රාජපක්ෂ මහතා චෝදනා කළේය.

විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කර තිබුණද තවමත් පවුල් දහස් ගණනක් තාවකාලික නිවාසවල ජීවත් වන බවත්, විනාශ වූ මාර්ග, බෝක්කු සහ පාලම් යළි ඉදිකිරීමේ කටයුතු ප්‍රමාණවත් වේගයකින් සිදු නොවන බවත් ඔහු පැවසීය.

ව්‍යසනයෙන් පසු ජනතාවට සහන සැලසීම මෙන්ම ග්‍රාමීය යටිතල පහසුකම් යළි ගොඩනැඟීම සඳහා ආණ්ඩුව කඩිනමින් මැදිහත් විය යුතු බවද ඔහු අවධාරණය කළේය.  

පොලිස් ස්ථානවලට ජංගම දුරකථන රැගෙන යාම තහනම් කරමින් චක්‍රලේඛයක්? ආරක්ෂක ඇමති රටටම ඇත්ත නැත්ත පහදයි

පොලිස් ස්ථානවලට ජංගම දුරකථන රැගෙන යාම තහනම් කරමින් චක්‍රලේඛයක්? ආරක්ෂක ඇමති රටටම ඇත්ත නැත්ත පහදයි

ධීවර කර්මාන්තයේ ප්‍රාග්ධන වියදම් අඩුවෙලා

ධීවර කර්මාන්තය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, ධීවර අමාත්‍යාංශයේ ප්‍රාග්ධන වියදම් පසුගිය වසරට සාපේක්ෂව 20%කින් පමණ අඩු කර ඇති බවයි.

එමෙන්ම, මේ වසරේ පළමු මාස හත සඳහා ධීවර අමාත්‍යාංශයේ ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 9ක මුදලක් වෙන් කර තිබුණද, එයින් රුපියල් බිලියන 1.9ක පමණ මුදලක් පමණක් වියදම් කර ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

ධීවර කර්මාන්තය මත යැපෙන පවුල් විශාල සංඛ්‍යාවක් සිටින පසුබිමක වෙන් කළ මුදල් පවා නිසි ලෙස ආයෝජනය නොකිරීම බරපතළ ගැටලුවක් බව ඔහු පෙන්වා දුන්නේය.  

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ණය ක්‍රම 5ක් - චතුරංග අබේසිංහගෙන් අනාවරණයක්

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ණය ක්‍රම 5ක් - චතුරංග අබේසිංහගෙන් අනාවරණයක්

මත්ස්‍ය නිෂ්පාදනය පහත වැටීම ගැනත් අනතුරු ඇඟවීමක්

මේ අතර, මෙරට සමස්ත මත්ස්‍ය නිෂ්පාදනය 27%කින් පමණ අඩු වී ඇති බවටද නාමල් රාජපක්ෂ මහතා කරුණු ඉදිරිපත් කළේය.

ඔහු සඳහන් කළ සංඛ්‍යාලේඛන අනුව ගැඹුරු මුහුදේ මත්ස්‍ය නිෂ්පාදනය 20%කින්ද, නොගැඹුරු මුහුදේ මත්ස්‍ය නිෂ්පාදනය 17%කින්ද පහත වැටී තිබේ.

විශේෂයෙන්ම මිරිදිය ධීවර කර්මාන්තයේ නිෂ්පාදනය 80%කින් පමණ අඩුවී ඇති බව පැවසූ මන්ත්‍රීවරයා, ඒ සම්බන්ධයෙන් රජය වගකීම භාරගත යුතු බවද ප්‍රකාශ කළේය.

මත්ස්‍ය පැටවුන් නියමිත පරිදි ජලාශවලට මුදාහැරීම, අවශ්‍ය දැල් සහ ධීවර ආම්පන්න ලබාදීම මෙන්ම මිරිදිය ධීවර කර්මාන්තය නඟාසිටුවීමට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමක් බවද ඔහු අවධාරණය කළේය.  

ධීවරයන්ගේ ගැටලුවලට විසඳුම් ඉල්ලා සිටී 

ධීවර ජනතාව මුහුණ දෙන ඉන්ධන ගැටලු ඇතුළු ප්‍රායෝගික ගැටලු පිළිබඳව සොයා බැලීමට ධීවර අමාත්‍යවරයා වරාය වෙත ගොස් ධීවරයන් සමඟ සාකච්ඡා කළ යුතු බවද නාමල් රාජපක්ෂ මහතා පැවසීය. එමෙන්ම, උතුරු ප්‍රදේශයේ ධීවර ජනතාව මුහුණ දෙන ඉන්දීය ධීවර ගැටලුව සම්බන්ධයෙන් නාවික හමුදා ක්‍රියාමාර්ගවලට අමතරව ඉන්දීය මධ්‍යම රජය සමඟ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කළ යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.

ප්‍රබල කුණාටු තත්ත්වයක් - ‍රටේ ප්‍රදේශ රැසක විදුලි සැපයුමට බාධා - දරුණු වෙන කාලගුණය හමුවේ ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කරයි

ප්‍රබල කුණාටු තත්ත්වයක් - ‍රටේ ප්‍රදේශ රැසක විදුලි සැපයුමට බාධා - දරුණු වෙන කාලගුණය හමුවේ ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කරයි

ජීවන වියදම සහ ජනතා ආර්ථික ගැටලු ගැනත් විවේචන 

රජයේ සේවකයන් සහ පෞද්ගලික අංශයේ සේවකයන් වැටුප් වැඩිවීම් ඉල්ලා සිටින්නේ විනෝදය සඳහා නොව, දෛනික ජීවන වියදම් පියවා ගැනීමට බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

අස්වැසුම සහ සමෘද්ධි සහනාධාර සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග, රාජ්‍ය සේවකයන්ගේ වෘත්තීය ගැටලු සහ ව්‍යවසායකයන් මුහුණ දෙන අභියෝග පිළිබඳවද ඔහු ආණ්ඩුව විවේචනය කළේය.

මහ බැංකුවේ උද්ධමන දත්ත සහ සහනාධාර කප්පාදු කිරීම සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කරන තර්ක අතර පවතින බව කියන පරස්පරතාව පිළිබඳවද ඔහු ප්‍රශ්න කළේය.

අවසානයේදී නාමල් රාජපක්ෂ මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ ග්‍රාමීය ආර්ථිකය සහ ධීවර කර්මාන්තය නඟාසිටුවීම සඳහා වෙන් කර ඇති මුදල් සැබෑ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් යෙදවීමට කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසයි.

එමෙන්ම, ධීවර අමාත්‍යාංශයට වෙන් කර ඇති ප්‍රාග්ධන වියදම් මුදල්වලින් අවම වශයෙන් රුපියල් බිලියන 3ත් 4ත් අතර ප්‍රමාණයක් හෝ සැබෑ ලෙස වියදම් කිරීමට ඉදිරි වසරේදී කටයුතු කරන ලෙසද ඔහු ඉල්ලීමක් කළේය.