මේ පුවත් සේවයට සයිබර් ප්‍රහාරයක් – ‘AFP Forum’ ඩිජිටල් වේදිකාව අත්හිටුවයි
By Mithu
ප්‍රංශය කේන්ද්‍ර කරගත් ජාත්‍යන්තර පුවත් සේවයක් වන Agence France-Presse සයිබර් ප්‍රහාරයකට ලක්ව තිබේ.
ඒ හේතුවෙන් ප්රවෘත්ති, ඡායාරූප සහ වීඩියෝ ඇතුළු මාධ්‍ය අන්තර්ගතයන් සැපයීම සඳහා භාවිත කරන ‘AFP Forum’ ඩිජිටල් වේදිකාවේ මෙහෙයුම් අත්හිටුවීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම සයිබර් ප්‍රහාරය සිදු වූ ආකාරය සහ ඊට සම්බන්ධ පාර්ශ්ව හඳුනා ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව AFP කළමනාකාරිත්වය ඊයේ (26) ප්‍රකාශ කළේය.
මේ අතර, ප්‍රංශය පෙර නොවූ විරූ මට්ටමේ සයිබර් තර්ජනවලට මුහුණ දෙමින් සිටින බවත්, ඒවාට එරෙහිව සාමූහිකව ක්‍රියා කළ යුතු බවත් එරට සයිබර් ආරක්ෂක ප්‍රධානියා අවධාරණය කර තිබේ.