කැන්ගරුවන් යළිත් අසරණ කරමින් එංගලන්තයට කඩුලු 7ක ජයක් - තරගාවලියේ පෙරමුණත් එංගලන්තයට [HILIGHT VIDEO]

Report

ඔස්ට්‍රේලියාවට එරෙහිව බ්‍රිස්බේන්හි පැවති තෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

වර්ෂාව හේතුවෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව පන්දුවාර 16කදී ලකුණු 93ක ඉලක්කයක් හිමි වූ එංගලන්තය, පන්දුවාර 8.5කදී කඩුලු 3ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්තේය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාවට පන්දුවාර 19.3කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 108ක් පමණි.

සිංහ පුත්තු මෙදා පොටේ ඉන්දියාවත් ගෙදර යවයි - සියලු තරග ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා 'A' කණ්ඩායම අවසන් මහා තරගයට [HIGHLIGHT

සිංහ පුත්තු මෙදා පොටේ ඉන්දියාවත් ගෙදර යවයි - සියලු තරග ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා 'A' කණ්ඩායම අවසන් මහා තරගයට [HIGHLIGHT

එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ජේමි ඕවර්ටන් ලකුණු 12කට කඩුලු 5ක් දවාගත්තේය. ලියම් ඩෝසන් ලකුණු 16කට කඩුලු 3ක් බිඳහෙළීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය වෙනුවෙන් ජෝර්ඩන් කොක්ස් පන්දු 14කදී නොදැවී ලකුණු 33ක් රැස්කළ අතර, ඇනියුරින් ඩොනල්ඩ් පන්දු 13කදී ලකුණු 32ක් ලබාගත්තේය.

තරගයේ වීරයා ලෙස ජේමි ඕවර්ටන් නම් කෙරුණු අතර, මෙම ජයත් සමඟ තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලියේ තරග 2-1ක් ලෙස පෙරමුණ ගැනීමට එංගලන්තය සමත් විය.

තරගයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න.

සූර්යවංශිගේ සුපිරි පිතිහරඹයෙන් ඉන්දියාවට දැවැන්ත ජයක්

සූර්යවංශිගේ සුපිරි පිතිහරඹයෙන් ඉන්දියාවට දැවැන්ත ජයක්