මාළු ඇප් එකට වෙන්කරපු මිලියන 100න් කීයද වැඩ කරලා තියෙන්නේ? - 2018 සිට තිබූ ඇප් තිබුණ බව හෙක්ටර් අප්පුහාමි [VIDEO]

By Malith Madushan Nov 27, 2026 10:45 AM GMT
Report

 ධීවරයින්ට මසුන් සිටින ස්ථාන පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා චන්ද්‍රිකා තාක්ෂණය යොදාගැනීමේ ව්‍යාපෘතියට රුපියල් මිලියන 100ක මුදලක් වෙන්කර තිබුණ ද, එහි මූල්‍ය හා භෞතික ප්‍රගතිය පවතින්නේ සියයට 35%ත් 40%ත් අතර මට්ටමක බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි පවසයි.

අද (27) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, අදාළ ජංගම දුරකථන යෙදවුම 2018 වසරේ සිට පැවති එකක් බවයි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු එතුමා,

"තමුන්වහන්සේලා ගිය පාර වේදිකාවේ මහා උජාරුවෙන් කෑ ගහලා කතා කරලා කිව්වේ අපි ඇප් එක ගේන්නේ කියලා. නැහැ, ඇප් එක 2018 ඉඳන් තිබුණා. ඒ ඇප් එක තමුන්වහන්සේලා ගිය පාර සල්ලි වෙන් කරලා තියෙනවා චන්ද්‍රිකා පදනම් තාක්ෂණය මගින් මසුන් ඇල්ලීමේ ස්ථානවල සිටින ධීවරයන්ට තොරතුරු සැපයීම ඔන්න. දැන් සල්ලි වෙන් කරලා තියෙනවා මිලියන 100ක්. දැන් ඔය මිලියන 100න් කීයද වැඩ කරලා තියෙන්නේ? කීයද වැඩ කරලා තියෙන්නේ? මොකක්ද මූල්‍ය සහ භෞතික ප්‍රගතිය? 35%යි, 40%යි.
තමුන්වහන්සේලා කයිවාරු ගැහැවිවාට ඒ වැඩ කොටස කරලා නැහැ. ඒක බරපතළ විදිහට වැරැද්දක්. එහෙම නම් තමුන්වහන්සේලා එදාත් අර අහිංසක ජනතාව මේක පෙන්නලා රැවැට්ටුවා. ඔන්න මාළු ටික තියෙන තැන අපි කියනවා ගිහිල්ලා අල්ලපල්ලා කියලා. හැබැයි අඩු ගාණේ ගිය අවුරුද්දේ ඒ පරීක්ෂණයට වෙන් කරපු සල්ලිවලින්වත් ඒ වැඩ කොටස කරලා නැහැ. ඒ නිසා මන් හිතනවා තමුන්වහන්සේලා නිවැරදිව සැලැස්ම හදලා මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලනවා."

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ණය ක්‍රම 5ක් - චතුරංග අබේසිංහගෙන් අනාවරණයක්

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ණය ක්‍රම 5ක් - චතුරංග අබේසිංහගෙන් අනාවරණයක්

ජනාධිපතිවරයාගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් - ඇමති හර්ෂණට අලුත් බලයක්

ජනාධිපතිවරයාගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් - ඇමති හර්ෂණට අලුත් බලයක්