ඉදිරි අධ්‍යයන හා විභාග කටයුතු ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්
පාසල් වාරය අවසන් වන තෙක් සැලසුම් කර ඇති සියලුම අධ්‍යයන හා විභාග කටයුතු නියමිත කාලසටහන්වලට අනුව කිසිදු බාධාවකින් තොරව අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටී.
සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් හා කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් මෙන්ම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරුන් වෙත මෙම දැනුම් දීම සිදු කර තිබේ.
2026 වර්ෂයේ සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය 2026 දෙසැම්බර් මස 04 වැනි සිකුරාදා දිනෙන් අවසන් වීමට නියමිත අතර, 2027 වර්ෂයේ නව පාසල් වාරය 2027 ජනවාරි මස 04 වැනි සඳුදා දින ආරම්භ කිරීමට නියමිතය.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතාගේ අත්සනින් අද (27) නිකුත් කළ නිවේදනයක් මගින් මේ බව වැඩිදුරටත් සඳහන් කර ඇත.