ලලිත් - කුගන් අතුරුදන්වීමේ නඩුව සම්බන්ධයෙන් හිටපු ජනපති ගෝඨාභයගෙන් ආන්aදෝලනාත්මක අනාවරණයක්

Report

2011 වසරේදී ලලිත් වීරරාජ් සහ කුගන් මුර්ගානන්දන් යන මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනා අතුරුදන්වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති හබයාස් කෝපුස් නඩුකරයට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (27) දෙවන දිනටත් සාක්ෂි ලබා දුන්නේය.

හිටපු ජනාධිපතිවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සිට මාර්ගගත තාක්ෂණය ඔස්සේ යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු විභාගයට සම්බන්ධ විය.

ඉදිරි අධ්‍යයන හා විභාග කටයුතු ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉදිරි අධ්‍යයන හා විභාග කටයුතු ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඔහු අධිකරණයට පැමිණෙන අවස්ථාවේදී අද දිනයේත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාක්ෂිකයන් පිරිසක් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධතාවක නිරත වූහ.

සාක්ෂි විභාගය අතරතුර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ මහතා හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියේ, එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස ඔබට වගකීමෙන් බැඳුණු ආයතන වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිසිය පුද්ගල අතුරුදන්වීම් හා පැහැරගැනීම් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළා නේද යන්නයි.

ඊට පිළිතුරු දුන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා,

"ආරක්ෂක ලේකම් ලෙස මගේ වගකීම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ ගැනීම. විවිධ සිද්ධින් සම්බන්ධයෙන් සොයා බැලීම ඒ ඒ පොලිස් ස්ථානවල නිලධාරින්ගේ වගකීමක් මිස මගේ වගකීම නොවෙයි. මගේ වගකීම වුණේ හමුදාපතිට, ජනාධිපතිට උපදෙස්දීම සහ අවශ්‍ය මිනිස් බලය ලබාදීමයි" එහිදී නීතිඥ නුවන් බෝපගේ මහතා මාධ්‍යවේදී කීත් නොයාර් අතුරුදන්වීම පිළිබඳ වූ පරීක්ෂණ වාර්තාවක් හිටපු ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළේය.

පරිසර නිලධාරීන් 281ක් බඳවා ගැනීමේදී අක්‍රමිකතා සිදු වූ බවට එල්ල වන චෝදනාවට රජයෙන් පිළිතුරු

පරිසර නිලධාරීන් 281ක් බඳවා ගැනීමේදී අක්‍රමිකතා සිදු වූ බවට එල්ල වන චෝදනාවට රජයෙන් පිළිතුරු

"මේ වාර්තාවට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු අනාවරණ කරගෙන තියෙනවා කීත් නොයාර්ගේ පැහැරගැනීමෙන් පසු ඔබ එවකට පොලිස්පති වූ ජයන්ත වික්‍රමරත්නට සහ බුද්ධි අංශ ප්‍රධානියා වූ මේජර් ජෙනරාල් හෙන්දවිතාරණට කතා කරලා තියෙනවා කියලා"

ඊට පිළිතුරු දුන් ගෝඨාභය රාජපක්ෂ මහතා

"මේ වාර්තාව ගැන මට අවබෝධයක් නැහැ. හැබැයි ඔයවගේ අවස්ථාවලදී මට තොරතුරක් ලැබුණොත් ඒ පිළිබඳ බුද්ධි ප්‍රධානියාට සහ පොලිස්පතිට දැනුම්දීම සාමාන්‍ය සිරිතක්" යැයි සඳහන් කළේය. එහිදී පෙරලා ප්‍රශ්න කළ නීතිඥවරයා, "එය සාමාන්‍ය මැදිහත්වීමක් නොවේ. පැහැරගැනීම පිළිබඳ දැනුවත්භාවයෙන් ඉඳලා, නමුත් ඔබ වෙත ලැබුණු ඉල්ලීම් මත කීත් නොයාර් නිදහස් කරන්න නියෝග කළා යැයි මා පැවසුවොත් ඔබ එය පිළිගන්නවාද? " යැයි විමසුවේය. " එය සම්පූර්ණයෙන්ම වැරදියි. මම එය පිළිගන්නේ නැහැ." යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නේය.

මෙහිදී රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පැමිණිල්ලේ නීතිඥවරයාගේ ප්‍රශ්න කිරීම්වලට විරෝධය පළ කරමින් ඔහු පැවසුවේ ප්‍රශ්න කිරීම්, අදාළ විමර්ශනයට පමණක් සීමා වියයුතු බවය. මෙහිදී පැමිණිල්ලේ නීතිඥ නුවන් බෝපගේ මහතා "පොද්දල ජයන්ත නැමැති මාධ්‍යවේදියාව හඳුනනවාද " යැයි ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු දුන් ගෝඨාභය රාජපක්ෂ මහතා "මම ඔහුව හඳුනන්නේ නැහැ" යැයි පිළිතුරු දුන්නේය.

පෙරළා ප්‍රශ්න කළ නීතිඥවරයා "2009 ජුනි 01 වැනිදා හෝ ආසන්න දිනක පොද්දල ජයන්ත සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් පහරදීමක් වුණා කියලා ඔබට වාර්තා වුණාද" යැයි විමසුවේය.

"මට එහෙම දැනුවත්වීමක් වෙලා නැහැ. එහෙම එකක් වුණානම් අදාළ නිලධාරින් දැනුවත් කරන්න ඇති." යනුවෙන් හිටපු ජනාධිපතිවරයා පිළිතුරු ලබාදුන්නේය. මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥවරයා, පැමිණිල්ල ප්‍රශ්නගත විමර්ශනයෙන් ඔබ්බට ප්‍රශ්නකරන බව පවසමින් ඊට යළි විරෝධය පළ කළේය.

ඊට ප්‍රතිචාර ලෙස නීතිඥ නුවන් බෝපගේ මහතා පැවසුවේ "ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් සමයේ සිදුවූ අතුරුදන්වීම් ගැන ඔහුට පෞද්ගලික දැනුවත්භාවයක් තිබුණේ යැයි සිය ස්ථාවරය වන බැවින් ලලිත් - කූගන් අතුරුදන්වීම ගැන සිදුවන මෙම නඩුවට අනෙකුත් අතුරුදන්වීම් ගැන ප්‍රශ්න කිරීමද වැදගත් බවය."

ඒ අනුව පැමිණිල්ලට සාක්ෂිකරුගෙන් දිගටම ප්‍රශ්න කිරීමට යාපනය මහේස්ත්‍රාත් එස්.ලෙනින් කුමාර් මහතා අවසර දුන්නේය. අනතුරුව නීතිඥ නුවන් බෝපගේ මහතා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත, 2015 නොවැම්බර් මස 08 වනදා සත්හඬ නැමැති පුවත්පතට ඔහු ලබා දී තිබූ සම්මුඛ සාකච්ඡාවක් පිළිබඳ ලේඛනයක් පරික්ෂා කිරීමට ලබාදුන්නේය.

එය පරික්ෂා කළ හිටපු ජනාධිපතිවරයා එම සම්මුඛ සාකච්ඡාව තමාම ලබාදුන් සාකච්ඡාවක් බවට මෙම අවස්ථාවේදී තහවුරු කළ නොහැකි යැයි පැවසුවේය. එහිදී නිතිඥ නුවන් බෝපගේ මහතා එම සම්මුඛ සාකච්ඡාවට අදාළව පටිගත කරන ලද හඬ පටයක් විවෘත අධිකරණය හමුවේ වාදනය කිරීමට සැලැසුවේය. මේ විවෘත අධිකරණයට ඉදිරිපත් කෙරුණු එම හඬ පටයේ උපුටාගැනීම පහතින්..

" JVP එකට තදින් මෙයාව අත්අඩංගුවට ගන්න ඕනේකම තිබුණානේ.අනුර කුමාරලාට මේ පෙරටුගාමීන් ලොකු තර්ජනයක් වුණානේ. දැන් මටත් අනුර කුමාර හරියට කියනවා අන්න අරහේ ඉන්නවා කියනවා මෙහේ ඉන්නවා කියනවා පින්තූර එවනවා ලොකු උත්සාහයක් ගත්තා අනුර කුමාරත්. මොකද එයා ඉතිං මට කතා කරලා තියෙනවානේ.

බොරු කියන්න ඕනේ නෑනේ. අනුර කුමාරට අවශ්‍ය වුණා ගුණරත්නම්ව අත්අඩංගුවට අරගෙන පිටුවහල් කරන්න. ඒ සම්බන්ධයෙන් එයා මට කිහිපවතාවක්ම කතා කළා. අපි දැනගෙන හිටියේ නෑනෙ හැඩරුවවත්. මට මතකයි අපිට හම්බුණ පින්තූර සමහර වෙලාවට එයාට යැව්වා මේවා හරිද කියලා බලන්න." එම හඬපටය වාදනය කිරීමෙන් පසු නීතිඥ නුවන් බෝපගේ මහතා හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ

, " එම හඬපටයේ ඔබ කියනවා කුමාර ගුණරත්නම්ව අත්අඩංගුවට ගැනීමට ජනතා විමුක්ති පෙරමුණෙන් තොරතුරු ලැබුණා කියලා? " යනුවෙනි. ඊට පිළිතුරු දුන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ, " ඒක ඒ අවස්ථාවේදී අහපු ප්‍රශ්නයකට දීපු උත්තරයක්. සවිස්තරාත්මකව මට කියන්න බැහැ මේ වෙලාවේ." යනුවෙනි. එහිදී යළි ප්‍රශ්න කළ නීතිඥවරයා, " කුමාර ගුණරත්නම් පැහැරගෙන අතුරුදන්වෙලා ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් නිදහස් කළා කියලා ඔබට මතකද?" යැයි විමසීමක් කළේය.

"එහෙම සිද්ධියක් මට මතක නැහැ. මේක පුවත්පතක පළවෙච්ච දෙයක්. මගේම සම්මුඛ සාකච්ඡාවක් කියලා තහවුරු කරගන්න විදිහක් නැහැ." යනුවෙන් එහිදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේය. අනතුරුව මෙම නඩුව වැඩිදුර සාක්ෂි විමසීම සඳහා ලබන වසරේ පෙබරවාරි 12 වනදා දක්වා කල් තැබුණි.