ප්‍රසන්න රණතුංගට පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන්නැයි අධිකරණයෙන් ඉල්ලීමක් – අද සිදුවූ දේ මෙන්න
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරන විමර්ශනයකට අදාළව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස අද (27) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත්තේ අදාළ සිද්ධියේ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විසිනි.
ඒ සඳහා නීතිඥවරයා විසින් අධිකරණයට මෝසමක් ගොනු කරමින් සිය සේවාදායකයාට පෞද්ගලික අවශ්‍යතාවක් මත විදේශගත වීමට සිදුව ඇති බැවින්, දැනට පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස ඉල්ලා ඇත.
එම ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, විදේශ ගමන් තහනම ඉවත් කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විරෝධතාවක් පවතින්නේද යන්න විමසා බැලීම සඳහා අදාළ ඉල්ලීම දෙසැම්බර් 4 වැනිදා කැඳවීමට නියෝග කර තිබේ.
ඒ අනුව, ප්‍රසන්න රණතුංග මහතාගේ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉදිරි තීරණය දෙසැම්බර් 4 වැනිදා අධිකරණයේදී සලකා බැලීමට නියමිතය. අදාළ නඩුවද එදින යළි කැඳවීමට නියමිතව තිබේ.