ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා පළමු එක්දින තරඟය අදයි..පටන් ගන්න වෙලාව මෙන්න.

Report

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරග දෙකකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (12) කොළඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

චැම්පියන්ස් කුසලානයෙන් ඉවතට විසිව යමින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට පිවිසෙද්දී,ඔස්ට්‍රේලියානුවන් තරගාවලියට එක්වන්නේ චැම්පියන්ස් කුසලානයට පෙර සිය තුරුම්පු මුවහත් කර ගැනීමේ අරමුණ ඇතිව බවයි පැවසෙන්නේ.

ඉදිරි පැය 24 කාලගුණ වාර්තාව ගැන විශේෂ දැනුම්දීමක්..

ඉදිරි පැය 24 කාලගුණ වාර්තාව ගැන විශේෂ දැනුම්දීමක්..


කැන්ගරුවන් සහ සිංහයින් වසර 3කට පසු මෙරටදී එක්දින තරගාවලියකදී මුණ ගැසෙන අතර අවසන් වරට දෙරට අතර 2022 වසරේදී පැවැති එක්දින තරගාවලිය තරග 3ට 2ක් ලෙස ජය ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් විය.

R.ප්‍රේමදාස පිටියේ විඳුලි කුළුණුවල මේ දිනවලදී සිදු කරන නවීකරණය කටයුතු හේතුවෙන් කලකට පසු ප්‍රේමදාස පිටියේදී දිවා තරග ලෙසින් ශ්‍රී ලංකා -ඔස්ට්‍රේලියා එක්දින තරග දෙකම පැවැත්වීමත් විශේෂත්වයක්.

අද පොහොය දිනයේ ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න..ලග්න 04ක අය පරිස්සම් වන්න.(VIDEO)

අද පොහොය දිනයේ ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න..ලග්න 04ක අය පරිස්සම් වන්න.(VIDEO)


පළමු එක්දින ක්‍රිකට් තරගය අද පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිතව ඇත.