ශ්‍රී ලංකාවේ මෙතෙක් කිසිම දිනක දැක නැති අරුමපුදුම සත්වයෙක් හමුවෙයි.(PHOTOS)

Sri Lanka Gossips Sinharaje porest Sinharaje morning side
By Aruna Dec 06, 2021 08:10 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් කිසිම දිනක දැක නැති සංචාරක පක්ෂියකු සිංහරාජය ආශ්‍රිත මෝනින් සයිඩ් ප්‍රදේශයෙන් වාර්තා වූ බව ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසනවා.

මෙම පක්ෂි විශේෂය Delichon dasypus ලෙස සත්ව විද්‍යාත්මකව හඳුන්වන අතර Asian House Martin ලෙස ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබනවා.

ඔවුන් කුඩා වැහි ලිහිණි විශේෂයක් වන අතර දිලිසෙන කළු නිල් පැහැති පියාපත් සහ සිරුරේ පිට පැත්තත් සුදු පැහැයට හුරු අළු පැහැති සිරුරේ යට කොටසත්, කැපී පෙනෙන සුදු පැහැති තලයක් සහිත වීමත් මොවුන් හඳුනාගැනීම පහසු කරන බවයි පැවසෙන්නේ.

1850 වර්ෂයේ දී ප්‍රංශ ජාතික පක්ෂි විද්‍යාඥයකු වූ චාල්ස් බොනපාට් විසින් මෙම වැහි ලිහිණි විශේෂය මුල්වරට හඳුනාගෙන විද්‍යාත්මක නාමකරණය සිදුකර තිබෙනවා.

දකුණු දිග ජපාන්‍ය, අග්නිදිග රුසියාව, මොංගෝලියාව, කොරියානු අර්ධද්වීපය යන ප්‍රදේශවල තම පැටවුන් බෝකරන මෙම පක්ෂි විශේෂය දකුණු ආසියාවේ ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශයේ ඇතැම් ස්ථානවල, නේපාලයේ, භූතානයේ, බංග්ලාදේශයේ දක්නට ලැබෙන අතර ඔවුන් ඉන්දුනීසියාවෙන් ද වාර්තා වී තිබෙනවා.

ගාල්ල වනජීවී සරක්ෂණ සංගමය විසින් සිංහරාජ මෝනිං සයිඩ් ප්‍රදේශයේ පවත්වාගෙන යන ජෛව විවිධත්ව පර්යේෂණ හා කාලගුණ දත්ත නිරීක්ෂණ මධ්‍යස්ථානයේ පර්යේෂකයන් විසින් ඊයේ (05) මෙම විශේෂයේ කුරුල්ලන් දෙදෙනකු ප්‍රථම වරට නිරීක්ෂණය කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGallery