මැටි බිත්ති හතරට කොටු වුණු දරුවන්ගේ කදුලු කතාව.. පුලුවන් උපකාරයක් කරන්න.(PHOTOS)

Sri Lanka Education Welioya
By Aruna Dec 06, 2021 02:31 AM GMT
Aruna

Aruna

Report

තම දරුවන් හතර දෙනාගේ අධ්‍යාපන හා ආරක්ෂාව වෙනුවෙන් සිතා තම කුඩා පැල්පතට වසර අටක් තිස්සේ විදුලිය ලබා ගැනීමට වෙරදරන මවක වැලිඔයෙන් අපට හමු විය.

ඇය නමින් ඒ.රෝහිණී සිවුදරු මව පවසන්නීය තම ස්වාමි පුරුෂයා අහිමි වුවද වසර අටක් තිස්සේ දරුවන්ගේ අධ්‍යාපනය මහත් බාධක මධ්‍යයේ ඉටු කරන්නීය.

විදුලිය ලබාගැනීමට උත්සාහ කලද එය ද අසාර්ථක වූ බවත් බැරිම තැන මෙම ඉල්ලීම කරන බව වැලිඔය කිරිඉබ්බන්වැව පදිංචිව . ඇය මෙසේද කියන්නීය, මගේ මහත්තයා නැතිව දරුවන් හතර දෙනාම පුලූවන් විදිහට රැකබලා ගන්නවා.

උගන්වනවා ලොකූ දෙදෙනාට හරි හැටි උගන්වන බැරි වුණා.

ඒ ගැන කණගාටුවක් තියෙනා.දැන් පුතෙක් 11යේ ඉගෙන ගන්නවා.අනික් දුව හතේ පංතියේ.

දුව හරිම ආසයි ඉගෙනගන්න.එයාට "ඔන්ලයින්" ඉගෙන ගන්න විදියක් නෑ. ඉට අවශ්‍ය පහස්කම් අපට නෑ.

ඒ ගැන දරුවන් හරිම දුකෙන් ඉන්නේ. නමුත් දුව තනිවම පොත්පත්වල වැඩ කළා. දරුවන් කුප්පි ලාම්පුව එලියන් පාඩම්කරන්නේ. ඒ දරුවන්ගේ ආරක්ෂාවට හොඳමදි.

විදුලි එලිය තිබුණනම් මගේ දුවට හොදට ඉගෙන ගන්න තිබුණා යැයි ඇය කියන්නීය.

මේ සම්බන්ධව අප මෙම දරුවන් ඉගෙනුම ලබන වැලිඔය කිරිඉබ්බන්වැව විදුහලේ විදුහල්ති එන්.එල්.අනුර විජේසිංහ නාරංගොඩ මහතාගෙන් ද විමසීමක් කළා.

"මේ දරුවගේ අම්මා හොදට මහන්සි වෙලා දරුවන් රැක බලා ගන්නවා.

එදිනෙද කුලීවැඩ කරමින් තමයි දරුවන් පොෂණය කරන්නේ.

දුව ඉගෙනුමට දක්ෂයි.නමුත් හරිම අසරණ ජීවිත ගත කරන්නේ.යම් අයෙක් යම් උදව්වක් කරනවනම් හරිම වටිනවා.

මෙය උතුම්ම සද් ක්‍රියාවක්.ඒ පැත්තෙන්ම විදුලිය නැත්තේ ඔය දරුවන්ගේ ගෙදරට විතරයි.යැයිද. විදුහල්පති කීය.

මෙම නිවසට විදුලිය ගැනීම සදහා විදුලි බලමණ්ඩලයට පමණක් රුපියල් 23,000 පමණ මුදලක් වැය වෙන බව දැනගන්නට ලැබිණි.

නිවසට විදුලි උපකරණ සදහා ද මුදල් වියදම් වන අතර රුපියල් පනස් දහසකින් පමන50,000 සියල්ල නිම කර ගත හැකි බවද දැනගන්නට හැකි විය.

(පියදාස සමරවීර)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGallery