ඉන්දීය නිළි ශ්‍රී දේවිගේ අම්මා මාලනී ෆොන්සේකා.... ඔබ දන්නවා ද? දමිළ සිනමාව සොවින්

Sivaji Ganesan Sridevi Mrs Malani Fonseka Sri Lanka Sinhala news
By Akash May 24, 2025 04:59 AM GMT
Akash

Akash

Report

අභාවප්‍රාප්ත නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ පවුලේ උදවියට දකුණු ඉන්දීය සිනමා සංගමය සිය ශෝකය පල කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ මෙන්ම දකුණු ඉන්දීය සිනමාව පෝෂණය කිරීමට මලානි ෆොන්සේකා මහත්මිය සිය දායකත්වය ලබාදී තිබීම දකුණු ඉන්දීය සිනමා සංගමය ප්‍රසංශා කර ඇති අතර ශ්‍රී ලංකාවෙන් දකුණු ඉන්දීය සිනමාවට දායකත්වය මුලින් ලබාදුන්නේ ද මාලනී ෆොන්සේකා බව ඔවුන් පෙන්වා දෙනවා.

දුමින්ද දිසානායක අද අධිකරණයට

දුමින්ද දිසානායක අද අධිකරණයට

1980 දශකයේ තිරගත වූ ෆෛලට් ප්‍රේමනාත් දෙමළ චිත්‍රපටය තුලින් මාලනී ෆොන්සේකා මහත්මිය දමිල සිනමාවට එක්වන්නේ සිනමා දැවැන්තයෙකු වූ සිවාජි ගනේෂන් සමගයි.

එම චිත්‍රපටයේ නැසීගිය නිළි ශ්‍රී දේවිගේ මවගේ චරිතය පොචනය කලේ මාලනී ෆොන්සේකා විසින්.

හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියා. මියයන විට මාලනී ෆොන්සේකා මහත්මිය 78 වන වියේ පසුවුනා.

මාලනීගේ නිසල දේහය සෝසුසුම් මැද මල්ශාලාවට රැගෙන එයි [video ]

මාලනීගේ නිසල දේහය සෝසුසුම් මැද මල්ශාලාවට රැගෙන එයි [video ]


1947 අප්‍රේල් මස 30වනදා කැලණිය ප්‍රදේශයේදී වන්නි ආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා නමින් උපත ලැබූ ඇය පසු කාලීනව මාලනී ෆොන්සේකා නමින් හෙළ සිනමාව අතික්‍රමණය කරමින් ප්‍රකට වුනා. 1963 වසරේ දී වේදිකා නාට්‍ය හරහා රංගනයට පිවිසි මාලනී ෆොන්සේකා මහත්මිය, 1968 වසරේදී පුංචි බාබා චිත්‍රපටයෙන් සිනමාවට පිවිසියා.

1973 වසරේදී ජනප්‍රියම රංගන ශිල්පිනියට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ ඇය, හොඳම නිළිය ඇතුළුව ජනාධිපති, සරසවි, ඕ.සී.අයි.සී, සුමති වැනි සම්මාන රැසකින් පිදුම් ලබා තිබෙනවා.

නිධානය, බඹරු ඇවිත්, වෑකන්දේ වලව්ව, ආරාධනා, අම්මාවරුනේ වැනි විත්‍රපට මාලනී ෆොන්සේකා මහත්මියගේ රංගන කුසලතාව ප්‍රකට කළ විශිෂ්ඨ නිර්මාණ ලෙස සනිටුහන් වුනා 2010 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස දේශපාලනයටද පිවිසි මාලනී ෆොන්සේකා මහත්මිය 2015 වසර වන තෙක් ජාතික ලයිස්තු මන්ත්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කළා.

ReeCha