දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ
දිවයිනේ පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් දැදුරුඔය, රාජාංගනය සහ අංගමුව යන ප්‍රධාන ජලාශවල වාන් දොරටු විවෘත කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 4ක් අඩි දෙක බැගින් විවෘත කර ඇති අතර, ඒ හරහා තත්පරයට ජලය ඝන අඩි 5500ක ප්‍රමාණයක් දැදුරුඔය වෙත මුදාහැරේ.
මේ අතර රාජාංගනය ජලාශයේ වාන් දොරටු 12ක් විවෘත කර ඇති අතර ඉන් දොරටු හතරක් අඩි හය බැගින් ද, තවත් දොරටු හතරක් අඩි පහ බැගින් ද, ඉතිරි දොරටු හතර අඩි දෙක බැගින් ද විවෘතව පවතී.
මේ හරහා තත්පරයට ජලය ඝන අඩි 14,565ක දැවැන්ත ජල කඳක් කලා ඔයට නිකුත් කෙරෙන බැවින් ඒ අවට පහත් බිම්වල වෙසෙන ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතුය.
මීට අමතරව අංගමුව ජලාශයේ ද වාන් දොරටු දෙකක් අඩිය බැගින් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ජලය ඝන අඩි 653 බැගින් කලා ඔයට එක්වේ.
ජලාශවල ජල මට්ටම් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බැවින් ගංගා දෙපස පහත් බිම්වල වෙසෙන ජනතාව සහ ගංගාවන් පරිහරණය කරන පුද්ගලයන් සිය ආරක්ෂාව පිළිබඳව විමසිලිමත් විය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.