නොකඩවා ඇදහැලෙන වර්ෂාපතනය සමග මේ ප්‍රදේශයට ගංවතුර තත්ත්වයක්

Report

බණ්ඩාරවෙල ප්‍රදේශයට අද (2026 මැයි 11) පස්වරුවේ ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ බණ්ඩාරවෙල නගරයේ ධර්මවිජය මාවත දරුණු ලෙස ජලයෙන් යටවී තිබේ.

පැයකට ආසන්න කාලයක් පැවති මෙම තද වැසි තත්ත්වය හේතුවෙන් නගරයේ කානු පද්ධති සහ බෝක්කු අවහිර වී ජලය බැස නොයාම නිසා මෙම හදිසි ජල ගැලීම් තත්ත්වය (Flash Flood) හටගෙන ඇත.

ජනතාව රවට්ටන්න පරීක්ෂණ කරන්න එපා.. ආණ්ඩුව ලිස්සලා යන්න හැදුවත් අපි හෙට එනවා - නාමල් රාජපක්ෂගෙන් රතු එළියක්

ජනතාව රවට්ටන්න පරීක්ෂණ කරන්න එපා.. ආණ්ඩුව ලිස්සලා යන්න හැදුවත් අපි හෙට එනවා - නාමල් රාජපක්ෂගෙන් රතු එළියක්

වර්ෂාවත් සමඟ ප්‍රධාන මාර්ගය හරහා විශාල ජල කඳක් ගලා ඒම හේතුවෙන් ධර්මවිජය මාවතේ නවතා තිබූ රථවාහන මෙන්ම ඒ අවට වෙළඳසැල් රැසක් ද ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.

මෙම තත්ත්වය හේතුවෙන් නගරයට පැමිණි ජනතාව, වෙළඳ ප්‍රජාව සහ විශේෂයෙන්ම පාසල් නිමවී නිවෙස් බලා යමින් සිටි දරුවෝ දැඩි අපහසුතාවට පත් වූහ.

මාර්ගයේ අඩි දෙකකට වඩා ජලය පිරීම හේතුවෙන් රථවාහන ගමනාගමනය ද සුළු වේලාවකට සම්පූර්ණයෙන්ම අඩාල විය.

ප්‍රදේශවාසීන් පවසන්නේ නගරයේ පවතින කානු පද්ධතිය නිසි ලෙස නඩත්තු නොකිරීම සහ කසළ බැහැර කිරීම නිසා ඒවා අවහිර වීම මෙම හදිසි ගංවතුර තත්ත්වයට ප්‍රධාන හේතුව බවයි.

වේල්ල වීදිය පොලිස් ස්ථානය ඉදිරිපිට දරුණු ගින්නක්

වේල්ල වීදිය පොලිස් ස්ථානය ඉදිරිපිට දරුණු ගින්නක්

බදුල්ල දිස්ත්‍රික්කය සඳහා මේ වන විටත් නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති පසුබිමක, බණ්ඩාරවෙල නගරයේ මෙවැනි තත්ත්වයක් ඇතිවීම පිළිබඳව ජනතාව සිය කනස්සල්ල පළ කරති.

තත්ත්වය පාලනය කිරීම සඳහා නගර සභාව සහ ආපදා කළමනාකරණ අංශ මැදිහත් වී අවහිරතා ඉවත් කිරීමට පියවර ගෙන ඇත.