මන්නාරම් බොක්කේ පවතින අඩු පීඩන ප්‍රදේශය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
ශ්‍රී ලංකාවේ මන්නාරම බොක්ක ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය තවදුරටත් දුර්වල වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, මෙම පද්ධතිය හේතුවෙන් දිවයිනට බලපා තිබූ කාලගුණික බලපෑම අඩුවෙමින් ඇති බවද සඳහන් කරයි.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, කොළඹ සිට පුත්තලම, මන්නාරම සහ කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා වූ ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතු සීමා කරමින් නිකුත් කර තිබූ අනතුරු ඇඟවීම් ඉවත් කිරීමට තීරණය කර ඇති බව දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
එමෙන්ම, නිරිතදිග බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල බහුදින ධීවර බෝට්ටු සහ නාවික ක්‍රියාකාරකම් සඳහා නිකුත් කර තිබූ අනතුරු ඇඟවීම්ද මේ වනවිට ඉවත් කර ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.