හෙට 1 න් පස්සේ වෙන්නේ මේකයි - රටටම විශේෂ නිවේදනයක්

Report

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් හෙට දින (16) සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැසි වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව සඳහන් කරයි.

ඒ අනුව උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව දැනුම් දෙයි. එසේම දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව වාර්තා වේ.

මේ අතර මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40)ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බව පවසයි.

කාලගුණයෙන් තවත් බය හිතෙන දැනුම්දීමක් - ආයෙත් සුළි සුළං ඇති වීමේ අවදානමක්

කාලගුණයෙන් තවත් බය හිතෙන දැනුම්දීමක් - ආයෙත් සුළි සුළං ඇති වීමේ අවදානමක්

තවද සබරගමුව, මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව සඳහන්.

කෙසේ වෙතත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

මුදල් අතින් වාසනාවන්ත වෙන මේ අය අද ටිකට් එකක් ගත්තොත් මල් හතයි

මුදල් අතින් වාසනාවන්ත වෙන මේ අය අද ටිකට් එකක් ගත්තොත් මල් හතයි

සියලු පාසල් දරුවන්ට සහ ගුරුවරුන්ට විශේෂ නිවේදනයක්

සියලු පාසල් දරුවන්ට සහ ගුරුවරුන්ට විශේෂ නිවේදනයක්