මාලනී ෆොන්සේකාගේ අවමඟුල් උත්සවය වෙනුවෙන් නිදහස් චතුරශ්‍රය අවට රථවාහන ගමනාගමනය සීමා කෙරේ

Report

පොලිසිය නිවේදනය කරනවා, අභාවප්‍රාප්ත රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකාගේ අවමංගල්‍ය උත්සවය වෙනුවෙන් අද (26) කොළඹ නිදහස් චතුරශ්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව.

ඒ අනුව, අවමංගල්‍ය පෙරහැර උදෑසන 7:30ට බෞද්ධාලෝක මාවතේ ජාවත්ත හන්දියෙන් ආරම්භ වී, බොරැල්ල දෙසට ගමන් කර, මේඩ්ලන්ඩ් පෙදෙස හන්දියෙන් වමට හැරී, මෙඩ්ලන්ඩ් පෙදෙස මාර්ගය ඔස්සේ ගමන් කර, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ හන්දියෙන් වමට හැරී, නිදහස් මාවත ඔස්සේ ගමන් කර, උදෑසන 9:00ට නිදහස් චතුරශ්‍රය වෙත පැමිණීමට නියමිතයි.

නැන්දා පිළිකාවට සල්ලි ගත්තේ කියලා නොකියපු නැන්දට අපහාස කරද්දි සද්ද නැතුව හිටිය..සමනලී

නැන්දා පිළිකාවට සල්ලි ගත්තේ කියලා නොකියපු නැන්දට අපහාස කරද්දි සද්ද නැතුව හිටිය..සමනලී

මෙම පෙරහැර සහ උත්සවය වෙනුවෙන් මාර්ග වසා තැබීමක් සිදු නොකෙරේ. එහෙත්, පෙරහැර රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ හන්දියේ සිට නිදහස් මාවත ඔස්සේ නිදහස් චතුරශ්‍රය දක්වා ගමන් කරන අතරතුර, විනාඩි 15ක කාලයක් සඳහා නිදහස් වටරවුමේ සිට නිදහස් මාවතට ඇතුළු වන රථවාහන සීමා කෙරෙන බව පොලිසිය පවසනවා.

අවමංගල්‍ය උත්සවය පැවැත්වෙන අතරතුර, නිදහස් මාවත සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ඉදිරිපිට ප්‍රේමකීර්ති ද අල්විස් මාවත යන මාර්ගවල තදබදයක් ඇතිවීමේ හැකියාව තිබෙන බැවින්, රියදුරන්ගෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා.

මාලනිය අවසන් කැමැත්තට කියූදේ

මාලනිය අවසන් කැමැත්තට කියූදේ

ඒ අනුව, විකල්ප මාර්ගයක් ලෙස, නිදහස් වටරවුමේ සිට බෞද්ධාලෝක මාවතට යන රථවාහනවලට, නිදහස් වටරවුමේ සිට තුම්මුල්ල හන්දිය දෙසට පිලිප් ගුණවර්ධන මාවත ඔස්සේ ගොස්, රාජකීය විද්‍යාලය අසලින් වමට හැරී, මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවත ඔස්සේ ගමන් කර බෞද්ධාලෝක මාවතට පිවිසිය හැකි බව සඳහන්.

මාලනී ෆොන්සේකාට රාජ්‍ය ගෞරවය නොදෙන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්?

මාලනී ෆොන්සේකාට රාජ්‍ය ගෞරවය නොදෙන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්?