අද සිට දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්
පළාත් පාලන ඡන්ද විමසීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ අද (05) උදෑසන ආරම්භ කර ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පවසන පරිදි, දිවයින පුරා ජංගම මුර සංචාර 3,216ක් ක්‍රියාත්මකය.
එසේම, ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 65,000ක් යොදවා ඇත.
අවශ්‍යතාව අනුව යුද හමුදා සාමාජිකයන්ගේ සහාය ද මේ සඳහා ලබා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
