"කාමරයෙන් කාමරයට ගෙනිහින්, ඇඳුම් ගලවලා හරිම වදයක් දුන්නා" - සියදිවි නසාගැනීමට පෙර සිදුවුන සියල්ල කැම්පස් කෙල්ලක් කියයි..

Sabaragamuwa University Inter University Students Federation Death Law and Order Sinhala news
By Shehan May 01, 2025 09:19 AM GMT
Shehan

Shehan

Report

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු තම නිවසේදී ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇත.

සියදිවි නසාගැනීමට පෙර ඔහු ලියූ ලිපියක සඳහන් වන්නේ, මානසික පීඩනය දරාගත නොහැකිව මෙම තීරණය ගත් බවයි.

මෙම සිසුවා විශ්වවිද්‍යාලයේදී දිගින් දිගටම නවක වදයට ලක්ව ඇති බව ඔහුගේ දෙමව්පියන් පවසති.

මාලිමවේ බස් සෙල්ලම...විශාල ප්‍රමාණයක්.... සෙනග අදිනවලු...

මාලිමවේ බස් සෙල්ලම...විශාල ප්‍රමාණයක්.... සෙනග අදිනවලු...

පුස්සැල්ලාව ඉහළගම ප්‍රදේශයේ පදිංචි චරිත් දිල්ශාන් නම් මෙම තරුණයා ඊයේ (30) තම නිවසේදී සියදිවි හානිකරගෙන ඇත.

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි ඔහු, ඊයේ තම නිවසට පැමිණි පසු මෙලෙස සියදිවි හානිකරගෙන තිබේ.

පොලිසිය පැවසුවේ, ඔහු තම ගෙවත්තේ කුකුල් කූඩුවක බාල්කයක එල්ලී සියදිවි හානිකරගෙන ඇති බවයි. මියගිය චරිත්, දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් දරුවා වන අතර, සියදිවි හානිකරගැනීමට පෙර ලියූ ලිපියක ඔහු මානසික පීඩනයකින් පසුවූ බව සඳහන් කර ඇත.

ලංවීමය විදුලි බිල 50% වැඩි කිරීමක් ඉල්ලයි - කොමිසම බෑ කියද්දී IMF වාරිකය සැකයි..

ලංවීමය විදුලි බිල 50% වැඩි කිරීමක් ඉල්ලයි - කොමිසම බෑ කියද්දී IMF වාරිකය සැකයි..

"මම ඉගෙන ගන්න ආසයි. දියුණු වෙන්න ආසයි. දෙමව්පියන්ට සලකන්න ආසයි. මට දෙමව්පියන්ගෙන් කිසිදු කරදරයක් නැහැ. ඒත් මේ මානසික පීඩනය දරාගන්න මට බැහැ. ඒ නිසා මම මේ තීරණය ගන්නවා. මේ සඳහා කිසිවෙකු වගකිව යුතු නැහැ."

පේරාදෙණිය මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ චරිත්, ඉන්පසු සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයට ඇතුළත්ව ඉගෙනුම ලබා ඇත.

විශ්වවිද්‍යාල ආරංචි මාර්ගවලට අනුව, ඔහු කිහිප වතාවක්ම නවක වදයට ලක්ව ඇත.

ඒ අතරින් ආසන්නතම සිදුවීම පසුගියදා විශ්වවිද්‍යාලයේ බක්මහ උළෙලට පෙර දින සිදුවූ බව විශ්වවිද්‍යාල ආරංචි මාර්ග පවසයි.

මැයි 02 දා මොනවා වෙයිද? මෙම වසරෙහි සිදුවන 9 වැනි ග්‍රහ යුද්ධය ගැන හෙළිදරව්වක්!

මැයි 02 දා මොනවා වෙයිද? මෙම වසරෙහි සිදුවන 9 වැනි ග්‍රහ යුද්ධය ගැන හෙළිදරව්වක්!

කොට කලිසමක් හැඳ සිටීම නිසා චරිත් නවක වදයට ලක්ව ඇති බව එම තොරතුරුවල සඳහන් වේ. එම විශ්වවිද්‍යාලයේම ඉගෙනුම ලබන සිසුවියක්, චරිත්ගේ සියදිවි හානිකරගැනීමෙන් පසු ෆේස්බුක් හරහා මෙවැනි සටහනක් පළ කර තිබුණි:

"මමත් මේ කැම්පස් එකේ ඉගෙන ගන්නවා. පළමු හා දෙවන වසර සිසුන්ගෙන් ඇසුවොත් මෙතන මොනවා වෙනවද කියලා තේරෙයි. උඩ බැච්වලින් ඇහුවට වැඩක් නැහැ. හොඳින් හොයලා බලන්න. සෑම පීඨයකම දෙවන වසරේ සිසුන් බහුතරයක් බෝඩිම්වලට ගියේ කැම්පස් එකේ නිදහසේ ඉන්න බැරි නිසා. මහ රෑ දැනුවත් කිරීම්, රැස්වීම් පවත්වලා, මේවා යොදාගෙන උන් ආතල් ගන්නවා. මේ කොල්ලට අවුරුදු උත්සවයට පෙර දින රෑ බලවත් ලෙස නවක වදයක් දුන්නා. කොට කලිසමක් හින්දා එයාව කාමරයෙන් කාමරයට ගෙනිහින්, ඇඳුම් ගලවලා හරිම වදයක් දුන්නා. අපි හැමෝවම ගෙන්වලා බිම වැටුණු බිත්තර එකතු කරන්න කිව්වා. ඊට පසුවදාත් බයිට් කළා. ඊටත් කලින් ඔහුට බොහෝ වද දුන්නා. ඊළඟ දවසේ ඔහු ගෙදර යනවා කියලා ගියා."

කංජිපානිගේ ඊළඟ ටාර්ගට් එක දේශබන්දු.. - ඉහලින්ම ආපු තොරතුරු මෙන්න!

කංජිපානිගේ ඊළඟ ටාර්ගට් එක දේශබන්දු.. - ඉහලින්ම ආපු තොරතුරු මෙන්න!

කෙසේ වුවත්, චරිත්ගේ මරණයට නිශ්චිත හේතුව මෙතෙක් හඳුනාගෙන නැත.

ReeCha