ICCයෙන් අරවින්ද ද සිල්වාට විශේෂ තැනක්.
By Hashini
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා එළඹෙන 14 වෙනිදා මුම්බායි හි පැවැත්වෙන උත්සවයකදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) හෝල් ඔෆ් ෆේම් (Hall of Fame) වෙත ඇතුළත් කිරීමට නියමිත වනවා.
මෙම ඇතුලත් කිරීම සඳහා මීට පෙර ඇතුලත් කරන ලද ශ්‍රී ලංකික ක්‍රීඩකයින් වන්නේ මුත්තයියා මුරලිදරන් (2017), කුමාර් සංගක්කාර (2021) සහ මහේල ජයවර්ධන (2021) යන අයයි.
අරවින්ද ද සිල්වා 1996 ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකාවේ වීරයා වනවා.
ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් සහ එක්දින තරඟ 401ක් ක්‍රීඩා කර තිබෙනවා.
අරවින්ද ද සිල්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 93 කදී ලකුණු 6,361 ක් රැස් කරගෙන තිබෙනවා.
එමෙන්ම එක්දින තරඟ 308 කදී ලකුණු 9,284 ක් රැස් කරගෙන තිබෙනවා.