පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්
2024 (2025) පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර නැවත සමීක්ෂණය වෙනුවෙන් වන අයදුම්පත් මාර්ගගත ක්‍රමයට පමණක් කැඳවන බවට විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති බව සඳහන්.
ඒ අනුව හෙට (12) දින සිට මේ වෙනුවෙන් අයදුම් කිරීමට ද අවස්ථාව සැලසෙන බව සඳහන්.
එසේම එළඹෙන අගෝස්තු 26 වන දිනෙන් පසු අයදුම්පත් කැඳවීම අවසන් වන බවද අඳාළ නිවේදනයේ දැක්වේ.
එසේම මේ සඳහා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස "අපගේ සේවා" (our services) යටතේ ඇති පිරිවෙන් සාමාත්‍ය පෙළ විභාගය - 2024 (2025) - උත්තර පත්‍ර නැවත සමීක්ෂණය [Piriven Oridinary Level Examination-2024 (2025) - Re-scrutiny of Results) වෙත පිවීසීමෙන් අයදුම් කළ හැකි බව ද එහි දැක්වේ.
තවද විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය www.doenets.lk වෙත පිවිස " අපගේ සේවා" (our services) යටතේ ඇති Exam Information Center සබැඳිය හරහාද අයදුම් කිරීමට හැකියාව ඇති බව එහි තවදුරටත් දක්වා තිබෙනවා.