වත්කම් හා බැරකම් ප්‍රකාශ බාර නොදුන් ලොක්කන්ට විශේෂ දැනුම්දීමක්

Government Of Sri Lanka Economy of Sri Lanka Latest Headlines Sinhala news NPP Government
By Shehan Aug 04, 2025 12:40 AM GMT
Shehan

Shehan

Report

වත්කම් හා බැරකම් ප්‍රකාශ පසුගිය ජුනි 30 වැනිදායින් පසු බාර නොගන්නා ආයතන ප්‍රධානීන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

එවැනි ආයතන ප්‍රධානීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව කොමිසම පවසයි. එමෙන්ම, වත්කම් හා බැරකම් ප්‍රකාශ බාරදීමට අපොහොසත් වූ නිලධාරීන් සිටී නම්, ඔවුන් හැකි ඉක්මනින් එම ප්‍රකාශ තම ආයතන ප්‍රධානීන් වෙත භාරදී, ඒ හරහා ඔවුන්ට නියම විය හැකි පරිපාලන දඩ මුදල් අවම කර ගන්නා ලෙසද කොමිසම දැනුම් දෙයි.

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසියි - රජයේ ස්ථාවරය නිශ්චිතයි

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසියි - රජයේ ස්ථාවරය නිශ්චිතයි

ප්‍රමාද වූ වත්කම් හා බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් 2025 ජුනි 30 සිට අගෝස්තු 31 දක්වා, දිනකට මාසික වැටුපෙන් 1/30ක දඩ මුදලක් අය කෙරෙන බව කොමිසම සඳහන් කරයි. වත්කම් හා බැරකම් ප්‍රකාශ බාරදීම සඳහා රජයේ නිලධාරීන් තම ආයතන ප්‍රධානීන් වෙත එම ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු අවසන් දිනය වූයේ 2025 ජුනි 30 වැනිදාය.

එසේ වුවද, මෙම මස 31 වැනිදා වනවිටත් එම ප්‍රකාශ බාරදීමට අපොහොසත් වන නිලධාරීන්ට 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතේ 90 වැනි වගන්තිය යටතේ නඩු පැවරීමට පියවර ගන්නා බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අවධාරණය කරයි.

අනුර කරන දේවල් එයාටත් පාරාවළල්ලක් වේවි, අප්පච්චිට නිල නිවස ලොකු නැහැ - නාමල් රාජපක්ෂ

අනුර කරන දේවල් එයාටත් පාරාවළල්ලක් වේවි, අප්පච්චිට නිල නිවස ලොකු නැහැ - නාමල් රාජපක්ෂ

උතුරේ වැහෙන පාසල් - රජයේ තීරණයට උතුරේ ඇමතිත් කැමතියි

උතුරේ වැහෙන පාසල් - රජයේ තීරණයට උතුරේ ඇමතිත් කැමතියි

ReeCha