Miss Teen Earth සඳහා ලංකාව නියෝජනය කරමින් යන මවිති [PHOTOS]

By R.rishma Aug 03, 2025 11:42 PM GMT
Report

8වන ලෝක යොවුන් මිහිකත රූ රැජින තරගාවලියට (Miss Teen Earth) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සඳහා මවිති පුන්සරණි මෙනවිය ඊයේ (02) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියාය.

වයස අවුරුදු 20ට අඩු ලෝකයේ රටවල් 25ක යොවුන් රූ රැජිනියන් 25 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම තරගාවලිය අද (03) සිට අගෝස්තු 09 දක්වා ඉන්දියාවේ ජායිපූර්හිදී පැවැත්වීමට නියමිතය.

ලස්සනට වගේම නිරෝගීවත් ඉන්න කැමතියි නම් මේ ටික කරාම ඇති

ලස්සනට වගේම නිරෝගීවත් ඉන්න කැමතියි නම් මේ ටික කරාම ඇති

මවිති පුන්සරණි ඊයේ රාත්‍රී 9:55ට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6E-1186 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස්, ඉන් අනතුරුව තවත් ගුවන් යානයකින් ජායිපූර් බලා ගමන් කර ඇත.

19 හැවිරිදි වියේ පසුවන මවිති පුන්සරණි නිරූපන ශිල්පිනියක වන අතර, යොවුන් මිහිකත රූ රැජින ශ්‍රී ලංකා තරගාවලියේ අධ්‍යක්ෂ සහ ජාතික පුහුණුකරු රුක්මාල් සේනානායක මහතා ඇතුළු ඇයගේ දෙමාපියන්, නෑදෑ හිතවතුන් ඇතුළු විශාල පිරිසක් ඇයට සුබ පැතීමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසියි - රජයේ ස්ථාවරය නිශ්චිතයි

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසියි - රජයේ ස්ථාවරය නිශ්චිතයි



GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery