සිසුන් ලක්ෂ විසි දෙකක් ගැන අනාවරණයක්

School Children Sinhala news gagana news
By Mithu Aug 04, 2025 01:52 AM GMT
Mithu

Mithu

Report

සිසුන් ලක්ෂ විසි දෙකකට ආසන්න දරුවෝ දහම් අධ්‍යාපනයෙන් බැහැරවී සිටින බව අනාවරණය වේ. බෞද්ධ, කතෝලික, මුස්ලිම් ඇතුළු සියලුම ආගමික පාසල් සිසුන් දහම් අධ්‍යාපනයට අනුගත කිරීමට පියවර ගෙන තිබෙන බව බුද්ධ ශාසන, ආගමික, සංස්කෘතික නියෝජ්‍ය ඇමැති ගමගෙදර දිසානායක ඊයේ ( 03වැනිදා) අරුණ කළ විමසීමේදී පැවැසීය.

ජනාධිපති ලේකම් බිරිද නිල රථයෙන් යද්දී අනතුරක් - පවුලක්ම රෝහලේ

ජනාධිපති ලේකම් බිරිද නිල රථයෙන් යද්දී අනතුරක් - පවුලක්ම රෝහලේ

මෙරට බෞද්ධ දහම් පාසල් සංඛ්‍යාව 10646 ක් පවත්වාගෙන යන නමුත් දහම් අධ්‍යාපනය ලබන සිසුන්ගේ සංඛ්‍යාව ආසන්න වශයෙන් ලක්ෂ 18ක් පමණ බවත් සමස්ත රාජ්‍ය පාසල් සංඛ්‍යාව 10096ක ලක්ෂ 40 ක පමණ සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා පැවැසීය.

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසියි - රජයේ ස්ථාවරය නිශ්චිතයි

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසියි - රජයේ ස්ථාවරය නිශ්චිතයි

දහම් පාසල් ගුරුවරුන්ගේ සංඛ්‍යාව 123000 කි. සියලුම ආගමික දහම් පාසල් අධ්‍යාපනය සංවර්ධනයට අවශ්‍ය කථිකාවක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙන බවත් දිස්ත්‍රික් මට්ටමේ ශාසනාරක්ෂක බල මණ්ඩල නායකයන් සමග ලබන 07දා සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් ඔහු පැවැසීය.

අනුර කරන දේවල් එයාටත් පාරාවළල්ලක් වේවි, අප්පච්චිට නිල නිවස ලොකු නැහැ - නාමල් රාජපක්ෂ

අනුර කරන දේවල් එයාටත් පාරාවළල්ලක් වේවි, අප්පච්චිට නිල නිවස ලොකු නැහැ - නාමල් රාජපක්ෂ

ReeCha