විශ්වවිද්‍යාලවලත් නව වෙනසක් - ආරක්ෂාව තර වේ - අගමැතිනිය

Harini Amarasuriya Education University Grants Commission Latest Headlines Sinhala news
By Ashfa Aug 03, 2025 05:17 PM GMT
Ashfa

Ashfa

Report

විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන දරුවන්ගේ ආරක්ෂාව, සුබසාධන පහසුකම් සහ ඉගෙනුම් අවශ්‍යතා පිළිබඳව විශ්වවිද්‍යාල පරිපාලනය වගකීමෙන් කටයුතු කළ යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

කිරි තේ කියලා වහද බොන්නේ? මෙච්චර දවස් බිව්වේ මේ ජරාවද අපි

කිරි තේ කියලා වහද බොන්නේ? මෙච්චර දවස් බිව්වේ මේ ජරාවද අපි

යාපනය විශ්වවිද්‍යාලයේදී අද (03) පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඇය ප්‍රකාශ කළේ, නේවාසික පහසුකම්, ජලය, විදුලිය වැනි බොහෝ මුලික අවශ්‍යතා තවමත් නොවිසඳී ඇති අතර, පානීය ජල ගැටලුව මාසයක් ඇතුළත විසඳීමට දිස්ත්‍රික් සංවර්ධන කමිටුව නිරන්තරව අධීක්ෂණය කළ යුතු බවයි.

ගුරු බිරිදගේ ලිංගික දර්ශන සැමියා විසින්ම සිසුවාට Whatsapp කරලා

ගුරු බිරිදගේ ලිංගික දර්ශන සැමියා විසින්ම සිසුවාට Whatsapp කරලා

"උසස් පෙළ සමත්වෙලා වසරකට සිසුන් 40,000ක් රජයේ විශ්ව විද්‍යාලවලට ඇතුළත් වෙනවා. ඒ දරුවන්ගේ ආරක්ෂාව, සුභසාධනය සහ ඉගෙනුම් පහසුකම් නිසි පරිදි ලබාදීමට විශ්වවිද්‍යාල වගකීමෙන් කටයුතු කළ යුතුයි. සාම්ප්‍රදායික උපාධියක් ලබාගෙන විශ්වවිද්‍යාලයෙන් පිටවන දරුවට අනාගත ජීවිතය පිළිබඳ විශ්වාසයක් ඇතිවිය යුතුයි.

ප්‍රභාකරන්ටවත් බය නැති මහින්ද රාජපක්ෂ තඹුත්තේගම අනුරට බයවෙයිද? - සංජීව එදිරිමාන්න

ප්‍රභාකරන්ටවත් බය නැති මහින්ද රාජපක්ෂ තඹුත්තේගම අනුරට බයවෙයිද? - සංජීව එදිරිමාන්න

ඒ වගේම විශ්ව විද්‍යාල ගුණාත්මක ලෙස පශ්චාත් උපාධිය ලබා දෙන පර්යේෂණ ආයතනයක් ලෙස සංවර්ධනය කිරීම ඉතා වැදගත්. විශ්වවිද්‍යාල තුළ දරුවන්ට සිදුවන විවිධ හිරිහැර, ලිංගික අඩත්තේට්ටම්, අපරාධ, බලපෑම් වගේම ප්‍රචණ්ඩත්වය වහාම නතර විය යුතුයි. ඒ වෙනුවෙන් රජය විදිහට ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගන්න අපි සූදානම්.

විශ්වවිද්‍යාල දරුවන් විනයක් ඇතිව තමන්ට ලැබෙන නිදහස භුක්ති විඳින්න කටයුතු කිරීමත් වැදගත්, නමුත් ඔවුන්ගේ නිදහස අනවශ්‍ය ලෙස සීමා කිරීම සුදුසු නෑ. අපේ විශ්වවිද්‍යාල පද්ධතියේ පීඨ, සහ පහසුකම් විවිධ අයුරින් වර්ධනය කරනවා අපි දකිනවා නමුත් දරුවන්ට තමන්ගේ ඉගෙනීම් කටයුතු කරගෙන යාමට අදාල පීඨ වල පහසුකම් තියෙනවද කියන ප්‍රශ්නය තිබෙනවා. යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ ආරකෂාව සහ පානීය ජල ගැටලුව සඳහා කඩිනමින් පියවර ගන්න අවශ්‍යයි. "

විශ්වවිද්‍යාල සිසුන් සහ විශ්විද්‍යාල පරිපාලනය නිරන්තර සහයෝගයෙන් එකඟතාව මත කටයුතු කිරීමට වගබලාගත යුතු බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවා ය. 

ReeCha