මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසියි - රජයේ ස්ථාවරය නිශ්චිතයි

Report

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ යෝජනාව ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ, දේශපාලනඥයින්ට ලබාදෙන වරප්‍රසාද අඩු කිරීම වත්මන් රජයේ ප්‍රධාන අරමුණක් බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු සාමාජිකයෙකු වන නන්දන ගුණතිලක මහතා විසින් මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සම්බන්ධයෙන් ඊයේ (02) ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පළ කළ සටහනකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එම සටහනේ, ගුණතිලක මහතා සඳහන් කර ඇත්තේ, පූර්ණ කාලීනව දේශපාලනයේ යෙදීම හේතුවෙන් තම රැකියාව අහිමි වූ බැවින්, විශ්‍රාම වැටුප අහෝසි කළහොත් ජීවත්වීමට ආදායම් මාර්ගයක් නොමැති බවත්, එවැනි යෝජනාවක් සම්මත කළහොත් එයට විපාක විඳීමට සිදුවනු ඇති බවටත් තර්ජනාත්මක ප්‍රකාශයක් ය.

අනුර කරන දේවල් එයාටත් පාරාවළල්ලක් වේවි, අප්පච්චිට නිල නිවස ලොකු නැහැ - නාමල් රාජපක්ෂ

අනුර කරන දේවල් එයාටත් පාරාවළල්ලක් වේවි, අප්පච්චිට නිල නිවස ලොකු නැහැ - නාමල් රාජපක්ෂ

අනුරාධපුරයේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් වසන්ත සමරසිංහ අමාත්‍යවරයා මෙසේ පැවසීය;

“අපි ජනාධිපතිවරණයට පෙරත්, මහ මැතිවරණයට පෙරත් පැහැදිලිව කිව්වා. දේශපාලනය යනු ජීවත්වීමේ මාර්ගයක් නොව, රටක් ගොඡිලන ව්‍යාපාරයක්. ලෝකයේ කිසිදු රටක මෙවැනි වරප්‍රසාද දේශපාලනඥයින්ට ලබාදෙන්නේ නැහැ. හිටපු ජනාධිපතිවරුන්ට ජනතා මුදලින් නඩත්තු කිරීම ජනතාවට බරක්. රටේ ජනතාව තවමත් අන්ත දුෂ්කරතා විඳින ප්‍රදේශ තිබෙනවා.

දැන් හරිනේ අරුගම්බේ පුංචි ඊශ්‍රාලයක් වෙලා ලංකාවේ අයට ඇතුල් වීම තහනම්

දැන් හරිනේ අරුගම්බේ පුංචි ඊශ්‍රාලයක් වෙලා ලංකාවේ අයට ඇතුල් වීම තහනම්

ඒ නිසා, ජනතා මුදලින් මෙවැනි වරප්‍රසාද ලබාදීම අපි නවත්වනවා. ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද හා ඒවාට සම්බන්ධ නීති වෙනස් කරනවා. මන්ත්‍රී විශ්‍රාම වැටුප්ද අපි අහෝසි කරනවා. ජනතාවට බරක් නොවී, සාධාරණව බදු ගෙවන ආකාරයට මේ රට ගොඡිලනවා. ඡන්දයට පෙරත් අපි මේ බව කිව්වා, දැන් ඒක ක්‍රියාත්මක කරනවා.”

“දේශපාලනය ජීවනෝපායක් බවට පත්කර ගන්නවා නම්, එවැනි දේශපාලනය අපි ප්‍රතික්ෂේප කරනවා. කිසිවෙකුට තර්ජනය කරන්න අවශ්‍ය නැහැ. විශ්‍රාම වැටුප නැතිව ජීවත් විය නොහැකි යැයි සිතනවා නම්, අපි අස්වැසුම වැඩසටහන හරහා ඔවුන්ට සහන සලසනවා. ඒ සඳහා ලියාපදිංචි වීමටත් හැකියි.."

ප්‍රසිද්ධ හිමිනමක් අත්අඩංගුවට - තවත් ප්‍රබලයෙක්ව පැහැරගෙන

ප්‍රසිද්ධ හිමිනමක් අත්අඩංගුවට - තවත් ප්‍රබලයෙක්ව පැහැරගෙන

ප්‍රභාකරන්ටවත් බය නැති මහින්ද රාජපක්ෂ තඹුත්තේගම අනුරට බයවෙයිද? - සංජීව එදිරිමාන්න

ප්‍රභාකරන්ටවත් බය නැති මහින්ද රාජපක්ෂ තඹුත්තේගම අනුරට බයවෙයිද? - සංජීව එදිරිමාන්න