උතුරේ වැහෙන පාසල් - රජයේ තීරණයට උතුරේ ඇමතිත් කැමතියි

Report

උතුරු පළාතේ පාසල් 70කට වැඩි ගණනක් වසා දැමීමට සිදුව ඇති බව අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා ප්‍රකාශ කර ඇත.

හිටපු මන්ත්‍රීට බන්ධනාගාරයේදී වැටුපක්.. මසකට දෙවරක් කුකුල් මස්, එළුමස්

හිටපු මන්ත්‍රීට බන්ධනාගාරයේදී වැටුපක්.. මසකට දෙවරක් කුකුල් මස්, එළුමස්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ජාතික වැඩසටහනේ අටවැනි සැසිය ඊයේ (02) උතුරු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එම රැස්වීමට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

සීනි මිල පහතට? - සීනි අර්බුදය විසඳන්න නව යෝජනාවක්

සීනි මිල පහතට? - සීනි අර්බුදය විසඳන්න නව යෝජනාවක්

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව පිළිබඳ පැහැදිලිව සඳහන් කළ බවයි. එහිදී, අධ්‍යාපනයේ ගුණාත්මකභාවය, පාසල්වල තත්ත්වය, සහ ඒ හරහා ගෙන එන වෙනස්කම් යනාදිය ඔස්සේ ප්‍රතිසංස්කරණවල වැදගත්කම ජනාධිපතිවරයා විසින් අවධාරණය කරන ලදී.

උතුරු පළාත ශ්‍රී ලංකාවේ දුප්පත්ම ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන ඇති අතර, පෙර මොනරාගල දිස්ත්‍රික්කය දුප්පත්ම දිස්ත්‍රික්කය වූවත්, දැන් එය මුලතිව් දිස්ත්‍රික්කය බවට පත්ව ඇත.

මම උපාධිය අත් හැරල තුවක්කුව ගත්ත මිනිහෙක් - පැන්ෂන් කැපුවොත් මරාගෙන මැරෙනවා - නන්දන

මම උපාධිය අත් හැරල තුවක්කුව ගත්ත මිනිහෙක් - පැන්ෂන් කැපුවොත් මරාගෙන මැරෙනවා - නන්දන

මේ හේතුවෙන්, අධ්‍යාපන ගැටලු දරිද්‍රතාවය සමඟ ඒකාබද්ධව විසඳිය යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. “දරිද්‍රතාවය ඇති ඕනෑම තැනක අධ්‍යාපන ගැටලුවක් ද පවතිනවා. එසේම, අධ්‍යාපන පසුබෑමක් ඇති ස්ථානවල දරිද්‍රතාවය, සමාජ පරිහානිය, සහ අපරාධ වැඩිවෙමින් පවතිනවා. යාපනය දිස්ත්‍රික්කයේත් මේ වන විට මෙම අභියෝග දක්නට ලැබෙනවා,” යැයි ඔහු පැවසීය. 

“මෙම අභියෝග ජය ගනිමින් නව යාපනයක් ගොඩනැගීම සෑම දෙනාගේම වගකීමක්. ඒ නිසා, අධ්‍යාපනයට ඉහළ ප්‍රමුඛතාවක් ලබාදීම රජයේ ප්‍රතිපත්තියක් ලෙස අනුගමනය කරනවා,” යැයි අමාත්‍යවරයා අවධාරණය කළේය. ඒ අනුව, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණවලට මුලපිරීම සඳහා හරිනි අමරසූරිය මහත්මියට අධ්‍යාපන අමාත්‍ය ධුරය ලබා දී ඇත.

උතුරු පළාතේ පාසල් 982ක් අතුරින් 70කට වැඩි ගණනක් වසා දැමීමට සිදුව ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජ්‍ය පෞද්ගලික අංශ දෙකේම මේ අයට මේ නිවාඩු අනිවාර්යයි

රාජ්‍ය පෞද්ගලික අංශ දෙකේම මේ අයට මේ නිවාඩු අනිවාර්යයි

එහිදී, ළමුන් 10 දෙනෙකු ඉගෙනුම ලබන පාසල් 35ක්, ළමුන් 11-20 දක්වා ඉගෙනුම ලබන පාසල් 64ක්, ළමුන් 20-50 දක්වා ඉගෙනුම ලබන පාසල් 171ක්, සහ ළමුන් 50-100 දක්වා ඉගෙනුම ලබන පාසල් 174ක් ඇති බව වාර්තා වේ. මෙම පාසල්වලින් 40කට වැඩි ගණනක් කිසිදු අධ්‍යාපන කටයුත්තක් සිදු කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇත.

“මෙයින් පැහැදිලි වන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණවල තදබල අවශ්‍යතාවක් ඇති බවයි. මේ සම්බන්ධයෙන් සෑම දෙනාම එක්ව අවබෝධයෙන් කටයුතු කළහොත්, සමාජයට යහපත් ප්‍රතිඵල ගෙන ඒමට හැකිවනු ඇතැයි මම විශ්වාස කරනවා,” යැයි අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා වැඩිදුරටත් පැවසීය. 

"මහින්දට නිවසක් - ජනතාව ඔප්පුවත් අරගෙන බලාගෙන ඉන්නවා" - දිලුම් අමුණුගම

"මහින්දට නිවසක් - ජනතාව ඔප්පුවත් අරගෙන බලාගෙන ඉන්නවා" - දිලුම් අමුණුගම