හෙට පාසල් පැමිණෙන දරුවන්ට විශේෂ දැනුම්දීමක්
පාසල් පැමිණෙන දරුවන්ට නොවැම්බර් මාසයට අදාළ ගමන් වාර ප්‍රවේශ පත්‍රය මඟින් මේ මාසයේ ද ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථවල ගමන් කිරීමේ පහසුකම සලසා දී තිබෙනවා.
ඒ අනුව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ ඉකුත් මාසයේ ගමන් ප්‍රවේශ පත්‍රය ඉදිරිපත් කර එම පහසුකම ලබා ගත හැකි බවයි.
එසේම නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසින් ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වු අධ්‍යාපන කටයුතු නැවත යථා තත්වයට පත්කිරීමට අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරීමේ අරමුණින් ජනවාරි මාසයේ දිනක වැටුප පරිත්‍යාග කිරීමට ගුරුවරුන් සුදානම්ව සිටන බව පවසා ඇත.