මේ අයට ආයේ කිසි කරදරයක් නෑ - රජයෙන් ලබන 15 වෙද්දි විශේෂ බස් රථ
ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ වෙන් කර ඇති ප්‍රතිපාදන යොදා ගනිමින් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට පහසුකම් සහිත වායුසමනය කරන ලද පත්ල පහත් බස් රථ සේවාවක් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.
එබැවින් මේ සඳහා බස් රථ 10ක් මිලදී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය මේ වන විට පිරිනමා තිබෙනවා. ලබන 15 වැනි දින වන විට එම බස් රථ මෙරටට ලැබීමට නියමිතයි.
එමෙන්ම එම බස් රථ ධාවනය සහ නඩත්තු වෙනුවෙන් අවශ්‍ය වන භෞතික යටිතල පහසුකම් හා ඩිජිටල් යටිතල පහසුකම් සැපයීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට හැකියාවක් නොමැති බව පෙනී ගොස් ඇති හෙයින් එම බස් රථ ප්‍රවාහනය නවීකරණය සඳහා වන මූලික පියවරක් වශයෙන් නවීන සහ සුවපහසු, දියුණු තාක්ෂණයන් සහිත බස් රථ 100ක් කොළඹ නාගරික ප්‍රදේශය තුළ මගී ප්‍රවාහනයට යෙදවීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඉකුත් වසරේ ජූලි 21 වැනි දින ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණයක් මත ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ ස්ථාපිත කර ඇති ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිස්ට් (පුද්ගලික) සමගාම වෙත අදාළ බස් රථ 10 පවරා දීමට නියමිත බව සඳහන්.
එබැවින් අඳාළ බස් රථ සහ ඒවායේ මෙහෙයුම් කටයුතු එම සමාගම යටතේ ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවට අමාත්‍ය මණ්ඩලය මඟින් අනුමැතිය ලබා දී ඇත.