බලශක්ති ඇමතිගේ කුමන්ත්‍රණයක් ගැන DV චානකගෙන් හෙළිදරව්වක් - ඇමති දවස් ගාණක් නොරොච්චෝලේ

Report

ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු මෙරටට ගෙන්වීමට අදාළ විමර්ශන වාර්තාව ප්‍රසිද්ධ නොකර සැඟවීමට විෂයභාර අමාත්‍යවරයා උත්සාහ කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා චෝදනා කරයි.

අමාත්‍යවරයා දින පහකට වැඩි කාලයක් නොරොච්චෝලේ බලාගාර පරිශ්‍රයේ රැඳී සිටිමින් යම් කුමන්ත්‍රණකාරී ක්‍රියාවක නිරත වන බවට තොරතුරු ලැබී ඇති බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.

මුළු ලංකාවටම වලංගු නිවේදනයක් - පැය 36ක් වලංගුයි

මුළු ලංකාවටම වලංගු නිවේදනයක් - පැය 36ක් වලංගුයි

බලශක්ති ක්ෂේත්‍රයේ සිදුවී ඇතැයි කියන මෙම වංචාව පිළිබඳව විනිවිදභාවයකින් යුතුව කරුණු හෙළි කළ යුතු බව ඔහු අවධාරණය කරයි.එහිදී වැඩිදුර අදහස් දැක්වූ ඔහු,

"ගල් අගුරු වංචාව මේ ආණ්ඩුවේ වංචාවක්. මේ ගල්අඟුරු වංචාව නිසා රටේ ලයිට් ටික නිවාගෙන යනවා. අවුරුදු කාලය එනවා, අවුරුදු උත්සවවලට ජෙනරේටර් භාවිත කරන්න වෙලා. හැබැයි ජෙනරේටර්වලට ඉන්ධන ගේන්න වෙන්නෙත් රජයටම තමයි. ගල්අඟුරු වංචාව වහගන්න අද ජනතාවගේ ඇඟට විදුලිබිල දාලා.

නොරොච්චෝලේ පළවෙනි රිපෝර්ට් එක ආවේ ජනවාරි 2 මාස 3ක් ගිහිල්ලත් බලශක්ති ඇමති නොරොච්චෝලේ ගියේ නෑ. හැබැයි විශ්වාසභංගයක් ගෙනාවාට පස්සේ ඇමති දැන් නොරොච්චෝලේට වෙලා ඒ වංචාව වහන්න උත්සාහයක් ගනිමින් ඉන්නවා.

ගල්අඟරු වංචාව වහන්න ඇමතිතුමා බලාගාරයට වෙලා ලොකු උත්සාහයක් ගනිමින් ඉන්නවා. රිපෝර්ට් එළියට නොදා. ගජ මිතුරෙක් දාලා මේක වහන්න හදනවා. දැන් ආණ්ඩුව කියන්න හදන්නේ දූෂණයක් තියනවා වගේ තමයි හැබැයි මේ හදන්නේ අපේ නෙවෙයි වරද කියන්න. රටේ විවිධ වංචා වෙනවා, මේ සියල්ලට විරුද්ධව දැන් පක්ෂ එකට එකතු වෙලා. සන්ධාන ගත වෙනවා එක එක දේවල් වෙනවා."

සියල්ල පාලනයෙන් ගිලිහෙයි - යුද්ධේ තව දින 40කට වඩා තිබ්බොත් ආහාර මිලට වෙන දේ ගැන දරුණු අනතුරු ඇඟවීමක්

සියල්ල පාලනයෙන් ගිලිහෙයි - යුද්ධේ තව දින 40කට වඩා තිබ්බොත් ආහාර මිලට වෙන දේ ගැන දරුණු අනතුරු ඇඟවීමක්