සිංහල අවුරුද්දේ ජල කප්පාදුව සිදු කිරීම පිළිබඳව විශේෂ දැනුම්දීමක්
By Mithu
අලුත් අවුරුදු උදාවත් සමඟ ජනතාවට සහනයක් සලසමින් අප්‍රේල් 11 සිට 14 දක්වා කාලය තුළ දිවයිනේ කිසිදු ප්‍රදේශයකට ජල කප්පාදුවක් සිදු නොකිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබේ.
එමෙන්ම, වියළි කාලගුණය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක, හෝමාගම, පැලැන්වත්ත සහ පන්නිපිටිය යන ප්‍රදේශවලට පනවා තිබූ පැය 24ක ජල කප්පාදුව අද සිට පැය 18ක් දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇත.
සියල්ල පාලනයෙන් ගිලිහෙයි - යුද්ධේ තව දින 40කට වඩා තිබ්බොත් ආහාර මිලට වෙන දේ ගැන දරුණු අනතුරු ඇඟවීමක්
ජල කප්පාදුවට අදාළ තොරතුරු පාරිභෝගිකයන් වෙත කෙටි පණිවුඩ (SMS) මගින් දැනුම් දීමට ද මණ්ඩලය කටයුතු කරමින් සිටී.
පෙර සැලසුම් කළ දිනවලදී මෙම පැය 18ක කප්පාදුව ක්‍රියාත්මක වන අතර, උත්සව සමයේ බාධාවකින් තොරව ජලය සැපයීමට ප්‍රමුඛතාව ලබා දෙන බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.