ඉන්දියාවේ කලාව මොහොතකින් උඩුයටිකුරු වෙයි - කලා කෘති‍යක් නිසා ලෝකෙම අවධානය ඉන්දියාවට

Report

ප්‍රවීණ චිත්‍ර ශිල්පී රාජා රවී වර්මා විසින් 19 වන සියවසේදී නිර්මාණය කරන ලද සිතුවමක්, ඉන්දියානු කලා ඉතිහාසයේ වැඩිම මිලකට අලෙවි වූ කලා කෘතිය වශයෙන් නව වාර්තාවක් පිහිටුවා ඇත.

ඒ අනුව බදාදා දිල්ලි නුවර පැවති 'සැෆ්රන්ආර්ට්' (Saffronart) වෙන්දේසියේදී, "යශෝධා සහ ක්‍රිෂ්ණා" නම් මෙම සිතුවම ඉන්දියානු රුපියල් බිලියන 1.67කට (ඇමරිකානු ඩොලර් මිලියන 17.9ක් පමණ) අලෙවි වී ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මින් පෙර එම වාර්තාවට හිමිකම් කීවේ ඉකුත් වසරේ ඩොලර් මිලියන 13.8කට අලෙවි වූ එම්.එෆ්. හුසේන්ගේ 'ග්‍රාම් යාත්‍රා' (Gram Yatra) සිතුවමයි.

උසස් පෙළ සමතුන් අතරේ රටම පුදුම කළ තවත් විශිෂ්ටයෙක් - ජීවිතේ රෝද පුටුවටම සීමා වෙන්න නොදී අලුතින් ලියූ සවිත්

උසස් පෙළ සමතුන් අතරේ රටම පුදුම කළ තවත් විශිෂ්ටයෙක් - ජීවිතේ රෝද පුටුවටම සීමා වෙන්න නොදී අලුතින් ලියූ සවිත්

එසේම මෙම වාර්තාගත අලෙවියෙන් ඉන්දියානු සහ දකුණු ආසියානු කලා කෘති වෙනුවෙන් පවතින ඉහළ ඉල්ලුම ද මැනවින් පිළිබිඹු වෙයි. නූතන ඉන්දියානු සිතුවම් කලාවේ පුරෝගාමියෙකු වශයෙන් සැළකෙන රවී වර්මා යනු 1848 දී කේරළ ප්‍රාන්තයේ උපත ලැබූවෙක්.

එසේම මෙම සිතුවම මිලදී ගෙන ඇත්තේ ලොව විශාලතම එන්නත් නිෂ්පාදන ආයතනයක් වන ඉන්දියානු සේරම් ආයතනයේ (Serum Institute of India) නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ, බිලියනපති ව්‍යාපාරික සයිරස් පූනවාලා විසින් බව වාර්තා වේ.

ඔහු විසින් මෙම සිතුවම "ජාතික උරුමයක්" වශයෙන් හැඳින්වූ අතර එය වරින් වර මහජන ප්‍රදර්ශනය වෙනුවෙන් විවෘත කිරීමට ද බලාපොරොත්තු වන බව‍යි පවසා ඇත.

ඉන්දියාවේ පුරාවස්තු සහ කලා නිධන් පනත යටතේ රවී වර්මාගේ කෘති "කලා නිධන්" වශයෙන් නම් කර ඇති නිසා ඒවා රටින් බැහැරට අපනයනය කළ නොහැකි අතර අලෙවි කළ හැක්කේ ඉන්දියානු ගැනුම්කරුවන්ට පමණක් වීම ද විශේෂ වේ.

මට මගේ හුස්ම තියාගෙන ලංකාවට එන්න ඕන..මගේ දරුවාට බනින්න එපා..රටම කම්පා කරලා සමුගත්ත යාළුවෝ දෙන්නගෙන් එක් මවක් හඬා වැටෙයි

මට මගේ හුස්ම තියාගෙන ලංකාවට එන්න ඕන..මගේ දරුවාට බනින්න එපා..රටම කම්පා කරලා සමුගත්ත යාළුවෝ දෙන්නගෙන් එක් මවක් හඬා වැටෙයි

1890 දශකයේදී තෙල් සායම් උපයෝගී කරගනිමින් නිමවා ඇති අඳාළ සිතුවමෙන් ක්‍රිෂ්ණා දෙවියන් කුඩා දරුවෙකු වශයෙන් තම සුළු මව වන යශෝධා අසල සිටින ආදරණීය අවස්ථාවක් පිළිඹිබු වේ.

එසේම එහි යශෝධා එළදෙනකගෙන් කිරි දොවන අතර, කුඩා ක්‍රිෂ්ණා කෝප්පයක් අතැතිව දඟකාර බැල්මකින් බලා සිටින අයුරු මනාව නිරූපණය කර ඇත.

මේ අතර කලා ඉතිහාසඥයන් සඳහන් කරන්නේ රවී වර්මා විසින් දෙවියන්ව හුදෙක් ගෞරවයට පාත්‍රවන රූප වශයෙන් නොව, මිනිස් හැඟීම්වලට සමීප, ආදරය සහ සෙනෙහස දනවන ස්වාභාවික ස්වරූපයකින් සිතුවම් කර ඇති බවයි.

කෙසේ වෙතත් මෙම අලෙවියත් සමඟ ඉන්දියානු කලාකෘති හුදෙක් අලංකාර භාණ්ඩ වශයෙන් නොව, වටිනා මූල්‍ය වත්කම් වශයෙන් ද සැලකීමට ලොව පුරා අවධානය යොමුව ඇත. 

ලංකාවම බලන් සිටි සුබ මුහුර්තයක් ගැන දැනුම්දීමක්

ලංකාවම බලන් සිටි සුබ මුහුර්තයක් ගැන දැනුම්දීමක්

පුංචි පැංචිගේ සෙනෙහෙ පිරුණු අපූරු කැදැල්ල

පුංචි පැංචිගේ සෙනෙහෙ පිරුණු අපූරු කැදැල්ල