රජය App එකකින් ත්‍රීරෝද රථ සේවාව වෙනස් කරන්න යයි - තව මාස හයකින්

Report

ඉදිරි මාස හයක කාලය ඇතුළත ත්‍රීරෝද රථ සේවාව විධිමත් කිරීම සඳහා නව දේශීය ජංගම දුරකථන යෙදුමක් (App) හඳුන්වා දීමට පියවර ගන්නා බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසූ බව සඳහන්.

ඒ අනුව යුරෝපීය හෝ විදේශීය යෙදුම් මත යැපෙනවා වෙනුවට ලංකාවටම ආවේණික වූ පද්ධතියක් ගොඩනැගීම මෙහි අරමුණ බවත්, ඒ හරහා වසරක් ඇතුළත මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශාල වෙනසක් සිදු කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කර ඇත.

තවද විශේෂයෙන්ම පාසල් දරුවන් ප්‍රවාහනය කරන ත්‍රීරෝද රථ මෙම ඇප් එක (App) ඔස්සේ නිරීක්ෂණය කිරීමට මවුපියන්ට අවස්ථාව ලබා දීම මෙහි එක් සුවිශේෂී අංගයක් බවත් සඳහන්.

WhatsApp වල ලොකු වෙනසක් - මීට පස්සේ පාවිච්චි කරන්න වෙන්නේ මෙහෙමයි

WhatsApp වල ලොකු වෙනසක් - මීට පස්සේ පාවිච්චි කරන්න වෙන්නේ මෙහෙමයි

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, "ත්‍රීරෝද රථයෙන් දරුවා පාසලට රැගෙන ගියාද යන්න ඇප් එක හරහා මවුපියන්ට පෙනෙන්න ඕනේ. ඒ වගේ දේවල් මාස හයක් වැනි කෙටි කාලයකින් කරන්න පුළුවන්," යනුවෙන්.

ඊට අමතරව නගර මධ්‍යයේ පිහිටි ත්‍රීරෝද රථ ගාල් මගීන්ට සහ රියදුරන්ට පහසුකම් සහිත ගුණාත්මක ස්ථාන බවට පත් කරන බවත් බිමල් රත්නායක අමාත්‍යවරයා සඳහන් කළ බව වාර්තා වේ. එසේම ප්‍රවාහන ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා ඇත්තේ ලංකාව පුරා කිසිසේත්ම ලාභ ලැබිය නොහැකි බස් මාර්ග පවතින බවයි.

එබැවින් එවැනි අනාර්ථික මාර්ගවල ධාවනය වන බස් රථ සඳහා රජයෙන් සහනාධාර ලබා දීමට රුපියල් මිලියන 2000ක මුදලක් වෙන් කර ඇති බවත් ඔහු හෙළි කළා.

නරක ආරංචියක් ආයේ වාහන ගෙන්වීම පහළට - ගෙන්නපුවා මාස තුනක් ඇතුළත අලෙවි නොකළොත් ලොකු දඩයක්

නරක ආරංචියක් ආයේ වාහන ගෙන්වීම පහළට - ගෙන්නපුවා මාස තුනක් ඇතුළත අලෙවි නොකළොත් ලොකු දඩයක්

"යම් බස් රථයක දෛනික වියදම රුපියල් 25,000ක් වී ආදායම රුපියල් 15,000ක් පමණක් ලැබෙන්නේ නම්, ඉතිරි රුපියල් 10,000ක මුදල රජය මගින් අදාළ ඩිපෝවට ලබා දෙනවා. ගම්බද ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීමට මෙවැනි සහනාධාර අත්‍යවශ්‍යයි,"

කෙසේ වෙතත් තමන්ගේ ප්‍රදේශවල මෙලෙස අලාභ ලබන නමුත් ජනතාවට අත්‍යවශ්‍ය වන මාර්ග පවතී නම් ඒවා පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන මෙන් ද අමාත්‍යවරයා ප්‍රාදේශීය බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බව සඳහන්.

දෙමව්පියන්ට සුභ ආරංචියක් - ගුරු සංගමයෙන් දැඩි තීරණයක්

දෙමව්පියන්ට සුභ ආරංචියක් - ගුරු සංගමයෙන් දැඩි තීරණයක්