ලංකාවම බලන් සිටි සුබ මුහුර්තයක් ගැන දැනුම්දීමක්
සිංහල හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර අතර සුවිශේෂී මංගල්‍යයක් වන හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය උත්සවය මෙවර මහනුවර ශ්‍රී නාථ දේවාල පරිශ්‍රයේදී පැවැත්වෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව මෙවර හිසතෙල් ගැල්වීමේ සුබ මුහුර්තය අප්‍රේල් මස 15 වැනි බදාදා දින පූර්ව භාග 6.55 ට යෙදී ඇති මෙම රාජ්‍ය උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එම අමාත්‍යාංශය දැනුම්දෙයි.
එමෙන්ම අලුත් අවුරුදු චාරිත්‍ර විධිමත්ව ඉටු කරමින් ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න බව සහ ආයුෂ වර්ධනය ප්‍රාර්ථනා කරමින් මෙම උත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතව ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.