සියල්ල පාලනයෙන් ගිලිහෙයි - යුද්ධේ තව දින 40කට වඩා තිබ්බොත් ආහාර මිලට වෙන දේ ගැන දරුණු අනතුරු ඇඟවීමක්
මැදපෙරදිග පවතින යුද ගැටුම් හමුවේ බලශක්ති සහ ඉන්ධන මිල ඉහළ යාම නිසා මාර්තු මාසයේදී ලෝක ආහාර මිල ගණන් ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයෙන් අනතුරුව ඉහළම අගය වාර්තා කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම යුද ගැටුම් තවදුරටත් දින 40කට වඩා පැවතුනහොත් සහ ඉන්ධන හා පොහොර වැනි නිෂ්පාදන පිරිවැය ඉහළ මට්ටමක පැවතුනහොත්, ගොවීන් වගා කටයුතු සීමා කිරීමට පෙළඹිය හැකි බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) අනතුරු අඟවා ඇති බව සඳහන්.
එබැවින් ඔවුන් පෙන්වා දෙන්නේ මෙය මෙම වසරේ ආහාර සැපයුමට මෙන්ම ඉදිරි වසරේ ආහාර සැපයුමට සහ භාණ්ඩ මිල කෙරෙහි ද දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවයි.
එසේම එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට අනුව, ගෝලීය ආහාර මිල දර්ශකය පෙබරවාරි මාසයට වඩා 2.4%කින් ඉහළ ගොස් ඇත.
එබැවින් සීනි මිල 7.2%කින් සහ එළවළු තෙල් මිල 5.1%කින් ඉහළ ගොස් තිබෙනවා.
ඊට අමතරව තිරිඟු මිල ද 4.3%කින් ඉහළ ගොස් ඇත.
එසේම අස්වනු නෙළන කාලය සහ ආනයන ඉල්ලුම දුර්වල වීම නිසා සහල් මිල 3.0% කින් පහළ වැටී ඇති බවද වාර්තා වේ.