තවත් දරුණු තත්ත්වයක් - පකිස්ථාන් ප්‍රහාර හමුවේ පවුල් 27,000ක් අවතැන්වේ
පකිස්ථාන හමුදා ප්‍රහාර හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ දේශසීමා ආසන්න පළාත් නවයක පවුල් 27,000කට අධික පිරිසක් අවතැන් වී ඇති බව තලේබාන් රජයේ ආර්ථික අමාත්‍ය ඩින් මොහොමඩ් හනීෆ් ප්‍රකාශ කර තිබේ.
පෙබරවාරි 26 වන දින ආරම්භ වූ මෙම ගැටුම් හේතුවෙන් නුරිස්තාන්, කුනාර්, නන්ගර්හාර්, ලග්මන්, පක්ටියා, කොස්ට්, පක්ටිකා, සාබුල් සහ කන්දහාර් යන පළාත්වල පවුල් 27,344ක් මේ වන විට අවතැන් වී ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් ආධාර ආයතන සමඟ පැවති හදිසි හමුවකදී අමාත්‍යවරයා අවධාරණය කළේ අඛණ්ඩ ෂෙල් වෙඩි ප්‍රහාර සහ ගුවන් ප්‍රහාර හේතුවෙන් පලා යන මෙම පිරිස් සඳහා කඩිනම් මානුෂීය ආධාර අවශ්‍ය බවයි.
එක්සත් ජාතීන්ගේ වාර්තාවලට අනුව සටන් ආරම්භ වූ පළමු සති දෙක තුළ සිවිල් වැසියන් 76 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර සමස්තයක් ලෙස පුද්ගලයින් 110,000කට වැඩි පිරිසක් දේශසීමා අර්බුදය හමුවේ අවතැන් වී තිබේ.