අමෙරිකාව කළඹමින් ඉරානයෙන් වෙඩි- ඉරානයට ඉහළින් ගිය අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් බිම හෙළයි
By Kaushi
ඉරානයට ඉහළින් පියාසර කළ අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් වෙඩිතබා බිම හෙළා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අනන්‍යතාව හෙළි කිරීමට අකමැති වූ අමෙරිකානු නිලධාරියෙකු කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය දක්වා ඇත්තේ, ඉන් දිවි ගලවා ගත් අය සෙවීම වෙනුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.
එසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෙන්ටගනය සහ එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා ප්‍රතිචාර දක්වා නොමැති බවත් වාර්තා කර ඇත.