ලොවක් බලා සිටි මොහොතක් - සඳ වෙත යන ගගනගාමීන් ලබාගත් පෘථිවියේ පළමු ඡායාරූප පෙළ මුදාහරී
Artemis II හි ගගනගාමීන් විසින් ලබාගත් පෘථිවියේ පළමු ඡායාරූප පෙළ නාසා ආයතනය අද (03) දින නිල වශයෙන් මුදාහැර තිබෙනවා.
ඒ අනුව නාසා ආයතනය සිය X ගිණුමෙන් "ඒ අපි!" යන ශීර්ෂ පාඨය සමඟ අඳාළ ඡායාරූපය පළ කර ඇත.
1972න් අනතුරුව සද වෙත ගමන් ගන්නා ඔරායන් අභ්‍යාවකාශ යානය සිය මෙහෙයුමේ පළමු දින පෘථිවි කක්ෂයේ රැඳී සිටියේ ජීවිත ආධාරක පද්ධති, වායු පද්ධති ඇතුළු යානයේ ක්‍රියාකාරීත්වය පරික්ෂා කිරීම සඳහායි.
මේ අතර යානය අභ්‍යවකාශගත වී පැය කිහිපයකින් පසු එහි වැසිකිළි පද්ධතියේ ගැටළුවක් මතුව ඇති බව වාර්තා විය. කෙසේ වෙතත් පාලක මැදිරියේ ද සහය ඇතිව එම ගැටළුව නිරාකරණය කරගත් ඔවුන් පසුව පෘථිවි කක්ෂයෙන් ඉවත්වී සඳ වෙතට යන දිශානතියකට එළැඹ තිබෙනවා.
මේ අතර නාසා ආයතනය නිවේදනය කළේ ගගනගාමීන් සිව්දෙනාම නිරෝගීව සිටින අතර යානය ද හොඳින් ක්‍රියා කරන බවයි.
එසේම යානයේ ගමන් කරන ගගනගාමීන් සිය පළමු දින අවසානයේ අත්දැකීම් හුවමාරු කරගැනීමට වීඩියෝ ඇමතුමක් මඟින් නාසා ආයතනය හා සම්බන්ධව ඇත.
එබැවින් තවත් දින 4කට නොඅඩු කාලයකින් යානය චන්ද්‍රයා ආසන්නයට ගමන් කරනු ඇති බව සඳහන්.
That's us! 🌍
— NASA Earth (@NASAEarth) April 3, 2026
The Artemis II crew captured beautiful, high-resolution images of our home planet during their journey to the Moon. As @Astro_Christina put it: "You guys look great." pic.twitter.com/CkjDKGocip