යුධ ගිනි මැද දකුණු චීන මුහුදේ චීනයෙන් යෝධ යුද කඳවුරක් - හේතුවත් එළියට
දකුණු චීන මුහුදේ බලය තහවුරු කරගැනීමේ අරමුණින් චීනය විසින් "ඇන්ටිලොප් රීෆ්" (Antelope Reef) කොරල් වැටිය ආශ්‍රිතව දැවැන්ත හමුදා කඳවුරක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව වෝල් ස්ට්‍රීට් ජර්නල් (WSJ) පුවත්පත සඳහන් කරයි.
මෙය පසුගිය දශකයක කාලය තුළ චීනය දියත් කළ විශාලතම දූපත් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය ලෙස සැලකේ.
පෙබරවාරි මාසයේ ලබාගත් චන්ද්‍රිකා ඡායාරූපවලට අනුව, මෙම වැටිය මත නව ගුවන් පථයක්, මිසයිල පද්ධති සහ නවීන නිරීක්ෂණ මධ්‍යස්ථාන ඉදිකිරීමට චීනය සැලසුම් කර ඇත.
ලෝක අවධානය මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය වෙත යොමුව ඇති මොහොතක, චීනය මෙලෙස සිය බලය ව්‍යාප්ත කිරීම අසල්වැසි රටවල සහ ඇමෙරිකාවේ දැඩි අවධානයට ලක්ව තිබේ.
මෙම නව කඳවුර මගින් දකුණු චීන මුහුදේ නාවික සහ ගුවන් ගමන් පාලනය කිරීමට චීනයට වැඩි ශක්තියක් ලැබෙනු ඇති බව ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති.