තවත් අවාසනාවන්ත තත්ත්වයක් - මේ ප්‍රදේශයේ ජලය නැත්තටම නැතිවෙයි පවුල් 500ක් අසරණයි
By Mithu
පවතින වියළි කාලගුණයත් සමඟ රුක්මල්ගම නිවාස සංකීර්ණයේ පවුල් 500කට අධික පිරිසක් දින කිහිපයක සිට දැඩි ජල හිඟයකට මුහුණ දී සිටිති.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් තාවකාලික විසඳුමක් ලෙස ලීටර් 1000 ජල ටැංකි ස්ථාපිත කර බවුසර් මඟින් ජලය සැපයීමට පියවර ගෙන ඇතත්, පවතින අධික ඉල්ලුම හමුවේ එම ටැංකි විනාඩි 30ක් වැනි කෙටි කාලයකදී හිස් වන බව ප්‍රදේශවාසීන් පවසති.
1980 වසරේදී මෙම නිවාස යෝජනා ක්‍රමය සඳහා ඉදිකළ ප්‍රධාන ජල ටැංකියේ නඩත්තු කටයුතු බලධාරීන් විසින් අත්හැර දැමීම මෙම දීර්ඝකාලීන ජල අර්බුදයට ප්‍රධාන හේතුව බව ජනතාව පෙන්වා දෙති.
මේ පිළිබඳව කළ විමසීමකදී ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඉදිරියේදී මෙම ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දීමට කටයුතු කරන බවයි.