දිවයිනේ පළාත් රැසක් ආවරණය කරමින් විශේෂ සතියක්

Report

දිවයිනේ ප්‍රධාන පළාත් කිහිපයක් ආවරණය වන පරිදි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 62ක විශේෂ ඩෙංගු මර්දන සතියක් අද (14) සිට ලබන 19 වනදා දක්වා ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල කන්නංගර මහතා පවසයි.

අද පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ බස්නාහිර, මධ්‍යම, නැගෙනහිර, වයඹ, උතුර, සබරගමුව සහ දකුණ යන පළාත් පදනම් කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බවයි.

රාජිත සේනාරත්නට වැඩ වරදින ලකුණු - කොළඹ මහාධිකරණ නියෝගය මෙන්න

රාජිත සේනාරත්නට වැඩ වරදින ලකුණු - කොළඹ මහාධිකරණ නියෝගය මෙන්න

පසුගිය මාස දෙකක කාලය තුළ දිනකට වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 1,200 - 1,300 දක්වා ඉහළ අගයක පැවැති අතර, සියලු පාර්ශ්වයන් එක්ව සිදුකළ කැපවීම හේතුවෙන් එම අගය මේ වන විට දිනකට රෝගීන් 100 - 200 දක්වා සැලකිය යුතු ලෙස පාලනය කරගැනීමට හැකි වූ බව ද වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

හෙට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක් - ''ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු සහ තාවකාලික තද සුළං ඇතිවිය හැකි පළාත් මෙන්න.''

හෙට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක් - ''ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු සහ තාවකාලික තද සුළං ඇතිවිය හැකි පළාත් මෙන්න.''

කෙසේ වෙතත්, ඉදිරියේදී අපේක්ෂිත වැසි සහිත කාලගුණයත් සමඟ මදුරුවන් බෝවීමේ අවදානම නැවත ඉහළ යා හැකි බවත්, රෝහල්ගත වන රෝගීන් හරහා නැවත ඩෙංගු වසංගත තත්ත්වයක් නිර්මාණය වීම වැළැක්වීම මෙම විශේෂ මර්දන සතියේ ප්‍රධාන අරමුණ බවත් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.