ඔන්න පින පැහැදුන හැටි... මේ අයට විතරක් අද දළදා වඳින්න විශේෂ අවස්ථාවක්...

Report

සිරි දළඳා වන්දනාවට පිරිසිදු කිරීම හරහා සහයෝගය දැක්වූ නගර සභා සහ පළාත් පාලන ආයතනවල කම්කරුවන්ට දළදා වහන්සේ වැඳපුදා ගැනීම සඳහා අද (27) අවස්ථාව ලබාදී ඇති බව මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ පවසනවා.

වටිනාකම රු.කෝටි 80යි...පුද්ගලයෙකු අත්අඩංගුවට...

වටිනාකම රු.කෝටි 80යි...පුද්ගලයෙකු අත්අඩංගුවට...

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල‍ගෙන් සිදුකළ ඉල්ලීමක් අනුව පසුගිය දිනවලද කම්කරුවන්ට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට අවස්ථාව ලබාදී තිබූ බවයි නාගරික කොමසාරිස්වරිය සඳහන් කළේ.

සිරි දළඳා වන්දනාවේ අවසන් දිනය වන අද දිනයේ මහනුවර නගර සභාවේ කම්කරු ප්‍රජාවට අමතරව අවට පළාත් පාලන ආයතනවල සේවකයින්ට දළදා වහන්සේ වැද පුදා ගැනීමට අවස්ථාව ලබාදී ඇති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

සිරි දළදා වන්දානාව අවසන් දිනයේ ක්‍රියාත්ක කිරිමට නියමිත වැඩසටහන් (2025.04.27)

සෞඛ්‍ය අමාත්‍යංශය ඖෂධ වර්ග 110ක් ගැන ගත්ත තීරණය

සෞඛ්‍ය අමාත්‍යංශය ඖෂධ වර්ග 110ක් ගැන ගත්ත තීරණය

මහනුවර නගරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ ආචාර්යය මණ්ඩලය, ශිෂ්‍යයන් හා අනධ්‍යයන කාර්යය මණ්ඩලයේ සහභාගීත්වයෙන් අද පෙරවරුවේ සිදුකිරීමට නියමිතය. දළදා දැක්ම නිමාවී පැය 24ක් තුළදී මහනුවර පිරිසිදු කිරීමේ වැඩසටහන කීල්න් ශ්‍රී ලංකා,මධ්‍යම පළාත් සභාව, මහනුවර මහ නගර සභාව, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඇතුලු ආයතන ගණනාවක සහභාගීත්වයෙන් අද පස්වරු 4.00 ආරම්භ වීමට නියමිතයි. මහනුවර නගරය පිරිසිදු කිරීමට අඛණ්ඩව දායක වූ මහනුවර මහ නගර සභාවේ කම්කරුවන් සඳහා දළදා වැදීමට විශේෂ අවස්ථාවක් පස්වරු 04.00ට දළදා දැක්මට දායකවූ කාර්යය මණ්ඩලයට කෘතවේදීත්වය පළ කරමින් තේවාවභාර නායක හිමි පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමියන්ගේ මාධ්‍ය හමුවක් අද පෙරවරුවේ පැවැත්වේ.

( 09.00ට) දළදා දැක්ම නිමාවූ පසු මහනුවර රැදී සිටින සියලුම සැදැහැවතුන් සඳහා රාත්‍රී හා පසුදින උදෑසන ආහාර ලබාදීමේ වැඩසටහනක් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සැලසුම් කොට තිබේ.