වටිනාකම රු.කෝටි 80යි...පුද්ගලයෙකු අත්අඩංගුවට...

Report

රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙක් කොටිකාවත්ත නාගහමුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 13යි ග්‍රෑම් 372ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 580ක් පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු 27 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය පවසයි.

අද විශේෂ දිනයක්....මෙන්න හේතුව

අද විශේෂ දිනයක්....මෙන්න හේතුව

වැල්ලම්පිටිය පොලිස් වසමේ කොටිකාවත්ත නාගහමුල්ල ප්‍රදේශයේ නිවසක් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යන බවට මාලබේ පොලීසිය තොරතුරක් ලැබී තිබුණි.

ඒ අනුව මෙම වැටලීම සිදුකර එහි සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නිවස පරික්ෂා කිරීමේදී කාමරයක් තුළ ගමන් මල්ලක සඟවා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන ඇත.

සෑම වසරකම ගුරුවරුන් 7500ක් විශ්‍රාම ගියත් බඳවා ගන්නේ 4000 - අගමැතිනිය කියයි

සෑම වසරකම ගුරුවරුන් 7500ක් විශ්‍රාම ගියත් බඳවා ගන්නේ 4000 - අගමැතිනිය කියයි

හෙරෝයින් මත්කුඩු තොගය පාර්සල් 13ක් වශයෙන් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය පාර්සල් 02ක් වශයෙන් තිබූ බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී මහර ප්‍රදේශයේ මොරින් නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ නමක් සඳහන් කර ඇති අතර ඒ ඔස්සේ විමර්ශන සිදුකිරීම සඳහා රැඳවුම් නියෝග ලබා ගන්නා බව පොලීසිය පවසයි.